භික්ෂු දේශපාලනයට රාජ්‍ය ඇමතිවරයෙකු එරෙහිි වෙයි

Sunday, 22 January 2017 - 6:40

%E0%B6%B7%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%94+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%92+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
භික්ෂූණ් වහන්සේලා දේශපාලනයෙන් ඉවත්විය යුතු බව රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර පවසනවා.

ආණමඩුව ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ දේශපාලනයට පැමිණීමෙන් මන්ත්‍රීවරයෙකු පමණක් බවට පත්වන බැවින් භික්ෂූණ් වහන්සේලා දේශපාලනයට පැමිණීම සිදුනොකළ යුතු බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට ඉදිරියෙන් සිටිය යුතු ගෞරවනීය මහ සගරුවන දේශපාලනයට පැමිණීමෙන් මන්ත්‍රීවරයෙකු බවට පමණක් පත්වන බැවින් එවන් භික‍ෂුවක් දේශපාලඥයින්ට ඉදිරියෙන් සිටින්නේ කෙසේදැයි  ප්‍රශ්න කරනවා.

එමෙන්ම එය සමාජයේ ප්‍රගමනයට හානියක් බවද අමාත්‍යවරයා සඳහන් කළා.

මෙම අයහපත් තත්ත්වයට ඉඩ නොතැබීමට සංඝයා වහන්සේලා අතර කථීකාවක් ඇති විය යුතු බවත් එය කාලීන අවශ්‍යතාවත් බවට පත්ව තිඛෙන බවත් රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා අවධාරණය කර තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories