මහ ඇමති - හිටපු ජනපති සාකච්ඡාව එකඟතාවකින් තොරව නිමයි

Sunday, 22 January 2017 - 12:06

%E0%B6%B8%E0%B7%84+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+-++%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80+%E0%B6%91%E0%B6%9A%E0%B6%9F%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB%E0%B7%80+%E0%B6%B1%E0%B7%92%E0%B6%B8%E0%B6%BA%E0%B7%92
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළාත් මහඇමතිවරුන් අතර අද උදෑසන පැවති සාකච්ඡාව එකඟතාවකින් තොරව අවසන් වී තිබෙනවා.

මෙම සාකච්ඡාවේදී විශේෂයෙන් අවධානය යොමු කෙරුණේ ඉදිරි පළාත්පාලන මැතිවරණයට නිදහස් පක්ෂය තරඟ කළ යුතු ආකාරය පිළිබඳවයි.

සාකච්ඡාව සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමඟ ඒකාබද්ධ විපක්ෂය  නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන බන්දුල ගුණවර්ධන, ප්‍රසන්න රණතුංග, ජොන්ස්ටන් ප්‍රනාන්දු, මහින්ද යාපා අබේවර්ධන, ගාමිණී ලොකුගේ එක්ව සිටියා.

ඊට අමතරව පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස්ද සාකච්ඡාවට සහභාගිවී තිබෙනවා. නිදහස් පක්ෂයේ ප්‍රධාන අමාත්‍යවරුන් හත්දෙනාගෙන් හයදෙනෙකු සාකච්ඡාවට සහභාගිවූ අතර උතුර මැද පළාත් මහ ඇමති පේෂල ජයරත්න ඊට එක්වූයේ නැහැ.

සාකච්ඡාවෙන් අනතුරුව හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක කියා සිටියේ ඉදිරි පළාත්පාලන මැතිවරණයට තරඟ කළ යුතු ආකාරය පිළිබඳවද මෙහිදී අවසන් එකඟතාවට නොපැමිණි බවයි.

එහෙත් ඉදිරියටත් සාකච්ඡා කිරීමට දෙපාර්ශවයම එකඟතාව පළ කළ බව මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍යවරයා කියා සිටියා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories