නියඟය පවතින ප්‍රදේශවල ඩෙංගු ව්‍යාප්තවීමේ වැඩි අවදානමක්

Sunday, 22 January 2017 - 12:17

%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%9F%E0%B6%BA+%E0%B6%B4%E0%B7%80%E0%B6%AD%E0%B7%92%E0%B6%B1+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%80%E0%B6%BD+%E0%B6%A9%E0%B7%99%E0%B6%82%E0%B6%9C%E0%B7%94+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%8A%E0%B6%AD%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
නියඟය පවතින ප්‍රදේශවල ඩෙංගු රෝගය ව්‍යාප්තවීමේ වැඩි අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.

ඔවුන් කියා සිටියේ එම ප්‍රදේශවල ජනතාව එක්රැස් කරගන්නා ජල භාජන ඔස්සේ ඩෙංගු මදුරුවන් බෝවීම ඉහළ ගොස් ඇති බවයි.

එම හේතුව නිසා ජලය එක්රැස්කිරීමේදී විමසිලිමත්වන ලෙස ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

විශේෂයෙන්ම ජලය එක් රැස් කරගන්නා බඳුන්  සෑම අවස්ථාවකදීම මදුරුවන්ට ඇතුලූවීමට නොහැකි ආකාරයට වසා තබන ලෙසයි ඇය ඉල්ලා සිටියේ.  

වසරේ ගතවූ දින කිහිපය තුළ ඩෙංගු රෝගීන් 2500 ක් වාර්තාවී ඇති අතර ලබන 24 වනදා විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක බවද ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර සඳහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories