තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත පෙබරවාරි 3 වනදා සිට බලාත්මකයි

Sunday, 22 January 2017 - 12:39

%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%85%E0%B6%BA%E0%B7%92%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B4%E0%B6%B1%E0%B6%AD+%E0%B6%B4%E0%B7%99%E0%B6%B6%E0%B6%BB%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%92+3+%E0%B7%80%E0%B6%B1%E0%B6%AF%E0%B7%8F+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%B6%E0%B6%BD%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A%E0%B6%BA%E0%B7%92
තොරතුරු දැනගැනීමේ පනත බලාත්මක කරමින් ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක විසින් පසුගිය සිකුරාදා මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ තොරතුරු දැනගැනීමේ පනත පෙබරවාරි මස 3 වනදා සිට බලාත්මක වන ලෙසයි.

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබද පනතට අනුව අමාත්‍යාංශයක, දෙපාර්තමේන්තුවක, මාණ්ඩලික හෝ  ඕනෑම රාජ්‍ය ආයතනයක සන්තකය භාරකාර හෝ පාලනයේ ඇති තොරතුරුවලට ප්‍රවේශවීම සදහා සෑම පුරවැසියෙකුටම අයිතිවාසිකම් ඇති බව සඳහන්.

ඒ අනුව තොරතුරු ලබාගත හැකි පොදු අධිකාරීන් නම් කර ඇති අතර, ඒ යටතට අමාත්‍යාංශ, මණ්ඩල, දෙපාර්තමේන්තු, සංස්ථා, රජයට අයත් සමාගම්, පළාත් පාලන ආයතන, විශ්වවිද්‍යාල ඇතුළු තවත් ආයතන රැසක් ඇතුළත්.

එමෙන්ම තොරතුරු හෙළිකිරිම වරදක් ලෙසට ගැනෙන කරුණු රැසක් ද අදාළ පනතෙහි සඳහන් කර තිබෙනවා. ඒ අනුව අන්තර්ජාතික ගිවිසුම් සම්බන්ධ රහසිගත තොරතුරු, ආණ්ඩුවේ ආර්ථික හෝ මුල්‍යමය ප්‍රතිපත්තිවලට අදාළ සංවේදී තොරතුරු මෙන්ම පුද්ගලික වෛද්‍ය වාර්තා සම්බන්ධ තොරතුරු මෙවැනි කරුණු හෙළිකිරීම දඬුවම් ලැබිය හැකි වැරදි ලෙස දක්වා තිබෙනවා.

 

 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories