දෙහිවලදී පොලිස් නිලධාරියෙකුට පහරදුන් බස් රථ රියදුරෙකු අත්අඩංගුවට

Sunday, 22 January 2017 - 14:17

%E0%B6%AF%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80%E0%B6%BD%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
දෙහිවල ප්‍රදේශයේදී පොලිස් නිළධාරියෙකුට පහරදුන් බව කියන බස් රථ රියදුරෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. දෙහිවල පොලීසිය සඳහන් කළේ අදාළ රියදුරා ඊයේ පස්වරුවේ මාර්ග රාජකාරියේ  නිරත පොලිස් නිලධාරියෙකුට එලෙස පහරදී ඇති බවයි.

අපරික්ෂාකාරී ලෙස බස් රථය පදවනු දුටු නිලධාරියා එම රියදුරුගෙන් ගමන් බලපත්‍රය සහ රියදුරු බලපත්‍රය ඉල්ලා සිටි අවස්ථාවේදී පරුෂ වචනයෙන් බැණ වැදී පහරදීම සිදුකර ඇති බවයි වාර්තාවන්නේ.

පහරකෑමෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරියා කළුබෝවිල රෝහල වෙත ඇතුළත් කර ඇති අතර අත්අඩංගුවට ගත් බස් රථයේ රියදුරා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories