මොණරාගල - මැදගම බැංකුවකින් ලක්ෂ 57ක් කොල්ල කයි

Sunday, 22 January 2017 - 16:21

%E0%B6%B8%E0%B7%9C%E0%B6%AB%E0%B6%BB%E0%B7%8F%E0%B6%9C%E0%B6%BD+-+%E0%B6%B8%E0%B7%90%E0%B6%AF%E0%B6%9C%E0%B6%B8+%E0%B6%B6%E0%B7%90%E0%B6%82%E0%B6%9A%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+57%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%9A%E0%B6%BA%E0%B7%92
මොණරාගල  - මැදගම රජයේ බැංකුවක මුදල් ලබා ගැනීමේ යන්ත්‍රය කඩා එහි තිබූ රුපියල් 57ලක්ෂ 75,800ක මුදලක් සොරකම් කරගෙන ගොස් තිබෙනවා.

පොලිසිය ප්‍රකාශ කළේ පසුගිය සිකුරාදා රාත්‍රී කාලයේ මෙම සොරකම සිදුව ඇති බවයි.

අද පෙරවරුවේ බැංකු ගොඩනැගිල්ල පිරිසිදු කිරිමේ කටයුතු සදහා විවෘත කිරීමේදී බැංකුවට යාබදව පිහිටි වෙළෙදසැලේ හිමිකරු එහි සවි කර තිබූ සීසි ටී.වී. කැමරාවේ සටහන් වී ඇති සැක කටයුතු පුද්ගලයින් දෙදෙනෙකු පිළිබද බැංකු කළමනාකාරීත්වය දැනුවත් කර තිබෙනවා.

ඒ පිළිබදව මැදගම පොලිස් ස්ථානය දැනුවත් කිරීමෙන් පසු සිදුකළ විමර්ශනයකදීයි මෙම කොල්ලය පිළිබදව අනාවරණ වී ඇත්තේ.

බැංකු ගොඩනැගිල්ලේ සවි කර තිබූ සි සි ටී.වී.කැමරා පද්ධතිය ද වෙනස් කරමින් එහි රෙකෝඩර් යන්ත්‍රය ද කොල්ලකරුවන් රැගෙන ගොස් ඇති බවයි පොලීසිය සදහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories