බැඳුම්කර සිද්ධිය ගැන සෙවීමට ජනපති කොමිසමක්

Monday, 23 January 2017 - 7:15

%E0%B6%B6%E0%B7%90%E0%B6%B3%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%83%E0%B7%99%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
මහ බැංකු බැදුම්කර සිද්ධිය පිළිබදව විමර්ශනය කිරීම සදහා විශේෂ ජනාධිපති කොමිසමක් පත් කිරිමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඉදිරි සතිය තුළදී එම කොමිසමට අදාල ගැසට් නිවේදනය නිකුත් කරනු ඇති බවයි හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

මෙම කොමිසම විසින් මහා බැංකු බැදුම්කර සිද්ධිය පිළිබද පූර්ණ විමර්ශනයකින් අනතුරුව ඒ පිළිබදව ගතයුතු පියවර නිර්දේශ කරනු ඇති.

බැදුම්කර සිද්ධිය පිළිබඳ විමර්ශනය කළ කෝප් කමිටුවේ වාර්තාව පසුගිය ඔක්තෝම්බර් මාසයේදි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර ඒ පිළිබද විශේෂ විවාදයක් හෙට දිනය පුරා පාර්ලිමේන්තුවේදි පැවත්වීමට නියමිතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories