උදම්මිට සමරේ ඝාතනයේ තවත් අයෙකු අත්අඩංගුවට

Monday, 23 January 2017 - 7:19

%E0%B6%8B%E0%B6%AF%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7+%E0%B7%83%E0%B6%B8%E0%B6%BB%E0%B7%9A+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
වේයන්ගොඩ දුම්රිය ස්ථානය ආසන්නයේදී ජානක සමන් සමරදිවාකර හෙවත් උදම්මිට සමරේ නැමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ඝාතනය සිදුවූ ස්ථානය අසළ තිබූ ආරක්ෂිත කැමරාවක දර්ශන උපයෝගී කරගෙනයි.

උදම්මිට සමරේ ගමන් කළ මෝටර් රථයේ සිටි පුද්ගලයෙකු වාහනයෙන් බසින අවස්ථාවේ ගිනි අවියක් ඉනේ ගසා ගන්නා ආකාරය අදාළ දර්ශනවල සටහන්ව තිබුණා.

ඒ අනුව පරීක්ෂණ මෙහෙය වූ බස්නාහිර උතුර දිසා අපරාධ කොට්ඨාශය යක්කල - වීරගුල ප්‍රදේශයේදී 39 හැවිරිදි මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ මයික්‍රෝ වර්ගයේ ගිනි අවියක් සහ උණ්ඩ 4ක් ද සමඟයි.

ජානක සමන්ත සමරදිවාකර හෙවත් උදම්මිට සමරේ තවත් පුද්ගලයින් 4 දෙනෙකු සමඟ හයිබ්‍රිඞ් වර්ගයේ මෝටර් රථයකින් යමින් සිටියදී දෙසැම්බර් 24 වන දා රාත්‍රියේ වෙඩි තබා ඝාතනය කෙරුණා.

ටී - 56 වර්ගයේ ගිනි අවියක් වෙඩි තැබීම සඳහා උපයෝගී කරගෙන තිබූ අතර, මෝටර් රථයේ ඉදිරිපස අසුන් දෙපස පිහිටි වීදුරුවල වෙඩි සලකුණු දක්නට ලැබීම හේතුවෙන් මෝටර් රථය තුළින් වෙඩි ප්‍රහාර එල්ල වූයේ ද යන්න පිළිබඳව ද පොලීසිය පරීක්ෂණ සිදුකරනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories