ඇතැම් ඇමතිවරු නිලධාරීන්ට අමතන අයුරු සීමානිර්ණ හිටපු සභාපති හෙළි කරයි

Monday, 23 January 2017 - 7:35

%E0%B6%87%E0%B6%AD%E0%B7%90%E0%B6%B8%E0%B7%8A+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%85%E0%B6%B8%E0%B6%AD%E0%B6%B1+%E0%B6%85%E0%B6%BA%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%8A%E0%B6%AB+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
පාලකයා විසින් දඬුවම් නොදෙන දූෂිතයන්ට දඬුවම් දීමේ වාරය එළඹෙන ජාතික මැතිවරණයකදී උදාවන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ  ‘‘ගමට දිරියක්, රටට බලයක් නමින් කොළඹ ඊයේ පැවැත්වූ දිරිය පුරවැසි නියෝජිත හමුවට එක්වෙමින්.

මෙම අවස්ථාවට සීමානිර්ණ අභියාචනා කොමිසමේ හිටපු සභාපති අශෝක පීරිස් ද එක්ව සිටියා.

"මගේ ප්‍රථම රැස්වීම මේ වගේ දේශපාලන රැස්වීමක කතා කරන. විශ්‍රාම ගත්තට පස්සේ මට බෝනස් තනතුරක් හම්බෙලා වැඩ කරනවා එතකොට රජයේ තනතුරක් දරමින් මෙවැනි රැළියක් ඇමතීමේ අවදානමත් දැනගෙනයි මම මේ කතා කරන්නේ. බ්‍රහස්පතින්දා සිකුරාදා වෙද්දී ආරංචියක් ආවා අර සීමා නිර්ණය ඇති වෙච්ච උගුලක් ඇතුළට ඇවිල්ලා තියෙනවා වෙනස් කමක් වෙයිද දන්නේ නැහැ කියලා. දැන් හෙට යද්දී මොනවා වෙයිද දන්නේ නැහැ. ඒ විෂය භාර ඇමතිවරු හිතුවේ නිලධාරියෙක් එන්න කිව්වාම එනවා.යන්න කිව්වාම යනවා.  ඉදගන්න කිව්වාම ඉදගන්නවා එතකොට පූස් පැටව් වගේ. හැබැයි ඒ මොඩල් එකේ නෙමෙයි අපි කියලාග මේ සීමා නිර්ණයේදී අපි පෙන්නුවා. ඉස්සර රාජ්‍ය පරිපාලන ඇමතිවෙලා හිටියා කවුද අපේ රිචඩ් පතිරණ මහත්තයා. මම එතකොට සභාපති ඔය කාලේ. මිනිහා පියන්ට කියන්නේ අපේ මිනිහෙකුට එන්න කියන්නේ අර කාමරේ බූරුවාට එන්න කියනවා. එතකොට ටයි එකක් දාගත්තු මහත්තයෙක් එනවා. අර අර ඉන්නේ වැදිරියෙක් ඉන්නේ එන්න කියනවා. එතකොට නෝනා කෙනෙක් එනවා සාරියක් ඇදගෙනග මං ඉද්දීත් කිව්වා. ඊට පස්සේ අපේ මිනිහෙක් ආවා ටයි එකක් දාගෙනග මං ඇමතිතුමාට කිව්වා ඇත්තටම ඇමතිතුමා මේක ඇතුලේ ඉන්නේ බුරුව. ඒ මොකද නැත්නම් එන්නේ..?


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories