අමාත්‍ය ෆවුසිට එරෙහි නඩුව විභාගයට දින නියම කරයි

Monday, 23 January 2017 - 11:09

%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%86%E0%B7%80%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B7%80%E0%B7%92%E0%B6%B7%E0%B7%8F%E0%B6%9C%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%B8+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
පසුගිය රජය සමයේ වාහනයක් අවභාවිතා කිරීම තුළින් රුපියල් ලක්ෂ 10 ක මුදලක් රජයට පාඩු කිරීමේ චෝදනාව මත අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසිට එරෙහිව ගොනුකර ඇති නඩුව විභාග කිරීමට අධිකරණය අද දින නියම කළා.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් බණ්ඩාර රණසිංහ අද නියෝග කළේ මෙම නඩුව අප්‍රේල් මස 5 සහ 6 දෙදින තුළ විභාග කරන බවයි.

අද දිනයේදී මෙම නඩුවේ සැකකරුවෙකු වන හිටපු ආපදා කළමනාකරන අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසිට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දී තිබුණද ඔහුගේ නීතීඥවරුන් වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරමින් කියා සිටියේ අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහු මේ වනවිට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories