ගොකරැල්ලේදී ව්‍යාජ මුදල් නෝට්ටු ළඟ තබාගත් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට

Monday, 23 January 2017 - 11:15

%E0%B6%9C%E0%B7%9C%E0%B6%9A%E0%B6%BB%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%A2+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9D%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94+%E0%B7%85%E0%B6%9F+%E0%B6%AD%E0%B6%B6%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
ගොකරැල්ල - මැල්සිරිපුර ප්‍රදේශයේදී ව්‍යාජ මුදල් නෝට්ටු ළඟ තබාගත් සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් 17 සහ 43 යන වයස්වල පසුවන දඹදෙණිය - කැලෑගෙදර ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි ගොකරැල්ල පොලීසිය සඳහන් කළේ.

මැල්සිරිපුර නගරයේදී රුපියල් දහසේ ව්‍යාජ මුදල් නෝට්ටුවක් ළඟ තබාගෙන සිටියදී එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් අතර, ඔහු සන්තකයේ තිබී රුපියල් 5000 සහ රුපියල් පන්සීයයේ ව්‍යාජ නෝට්ටු 4 ක් සොයාගෙන තිබෙනවා.

පසුව මොහුගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළිවී ඇත්තේ අදාළ මුදල් නෝට්ටු දඹදෙණිය ප්‍රදේශයේ නිවසක මුද්‍රණය කර ඇති බවයි.

ඒ අනුව අදාළ නිවස පරීක්ෂා කිරීමේදී අනෙක් සැකකරු රුපියල් 500 මුදල් නෝට්ටු 16 ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories