පස්යාල බස් - කන්ටේනර් අනතුරට හේතුව හෙළිවේ

Monday, 23 January 2017 - 12:51

%E0%B6%B4%E0%B7%83%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+-+%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B7%9A%E0%B6%B1%E0%B6%BB%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%A7+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%9A
කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ පස්යාල බටලිය ප්‍රදේශයේ දී සිදු වු රිය අනතුරින් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් තවත් 36 දෙනෙකු තුවාල ලබා වතුපිටිවල රෝහලට ඇතුළත් කර තිබෙනවා.  

තුවාලලැබූවන්ගෙන් සිව්දෙනෙකුගේ තත්ත්වය බරපතල වන අතර මොවුන්ට ශල්‍යකර්ම සිදුකර ඇති බවයි රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය සිසිර විජේසුන්දර හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

අද අලුයම 5.30ට පමණ කොළඹ සිට කැකිරාව දක්වා ධාවනය වෙමින් තිබු ශ්‍රී ලංගම බස් රථයක් සහ ත්‍රිකුණාමලයේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබු කන්ටේනර් රථයක් මුහුණට මුහුණ ලා ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

සිද්ධියත් සමඟ බස් රථය සහ කන්ටේනර් රථයද පෙරළී ගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

පසුව බස් රථයේ පිටුපසින් පැමිණි ත්‍රිරෝද රථයක් සහ කන්ටේනරය පසුපසින් පැමිණි මෝටර්  රථයක්ද අනතුරට මුහුණපා තිබෙනවා.

අනතුර හේතුවෙන් පැය කිහිපයක් කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු ඇණහිටියා.

සිද්ධියෙන් තුවාල ලැබුවන් 38 දෙනෙකු වතුපිටිවල රෝහලට ඇතුළත් කෙරුණු අතර එහිදී 37 හැවිරිදි කන්ටේනර් රථයේ රියදුරා සහ 60 හැවිරිදි බස් රථයේ සිටි කාන්තාවක් ජීවිතක්ෂයට පත්වුණා.

සෙසු පිරිස අතර කාන්තාවන් 13 දෙදෙනෙකු ද සිටිනවා.

තුවාල ලැබුවන් අතර මෙහෙණින් වහන්සේ දෙනමක් සිටින බව සඳහන්.

කන්ටේනර් රථයේ රියදුරුට නින්ද යාම මෙම අනතුරට හේතුවී ඇති බව පොලීසිය ප්‍රකාශ කළා.






Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories