අතරමං වූ ධීවරයින් 4 දෙනා නිරුපද්‍රිතව ගොඩබිමට

Monday, 23 January 2017 - 12:51

%E0%B6%85%E0%B6%AD%E0%B6%BB%E0%B6%B8%E0%B6%82+%E0%B7%80%E0%B7%96+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+4+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%80+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%B6%E0%B7%92%E0%B6%B8%E0%B6%A7
කල්පිටිය මුහුදේදී අතරමං වූ ධීවරයින් හතරදෙනෙකු රැගත් ඉමාෂා දුව යාත්‍රාව නිරුපද්‍රිතව යළි ධීවර වරාය වෙත පැමිණෙමින් තිබෙන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් අක්‍රම් අලෙවි සඳහන් කළා.

ඉමාෂා දුව යාත්‍රාවේ හිමිකරු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ මෙම පිරිස පැමිණෙන අතරමගට කුඩා යාත්‍රා කිහිපයක්ද ගොස් ඇති බවයි.

මොවුන් පසුගිය පස්වනදා ‘‘ඉමාෂා දුව’’ නැමති ධීවර යාත්‍රාවෙන් මුහුදු ගොස් තිබූ අතර ඔවුන් පසුගිය 20 වනදා දුරකථන මාර්ගයෙන් ඥාතීන් වෙත දැනුම්දී තිබුණේ තම ධීවර යාත්‍රාව කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් මුහුදේ පාවෙමින් තිබෙන බවයි.

අනතුරුව මීට දින 3 කට පෙර කල්පිටියට මුහුදු සැතපුම් 25 ක් දුරින් යාත්‍රාවක් තිබෙනු දුටු පිරිසක් ඒ බව ධීවර අමාත්‍යාංශයට සහ නාවික හමුදාවට දැනුම්දී තිබුණා.

හිරු ප්‍රවෘත්ති අංශය මේ පිළිබඳව අනාවරණයක් සිදුකළ අතර, නාවික හමුදාව අදාළ ධීවර යාත්‍රාව සෙවීමේ මෙහෙයුම් ආරම්භ කළද ඊයේ පස්වරුවේ එම මෙහෙයුම් නතර කරනු ලැබුවේ අදාළ යාත්‍රාවේ වී.එම්.එස්. හෙවත් යාත්‍රා නිරීක්ෂණ පද්ධතියක් නොතිබීම හේතුවෙන්.

 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories