කෝප් කමිටුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

Monday, 23 January 2017 - 12:59

%E0%B6%9A%E0%B7%9D%E0%B6%B4%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B7%82%E0%B7%8A%E0%B6%A8%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%99%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
මහබැංකු බැඳුම්කර ගණුදෙනුව පිළිබඳ නිකුත් කළ කෝප් කමිටු වාර්තාව අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබෙනවා.

කෝට්ටේ නාලන්දාරාමාධිපති  පූජ්‍ය තීනියාවල පාලිත හිමියන් විසින් එම පෙත්සම ගොනුකර ඇති අතර, එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති, එහි සාමාජිකයින් 26 දෙනා, මහබැංකු අධිපතිවරයා සහ විගණකාධිපතිවරයා ඇතුලු තිස් දෙදෙනෙක්.

අදාළ පෙත්සම හෙට හෝ ලබන 26 වනදා විභාගයට ගන්නා ලෙස නීතිඥවරුන් ඉල්ලා ඇති බවයි එක්සත් ජාතික භික්ෂු පෙරමුණේ ලේකම් පූජ්‍ය තීනියාවල පාලිත හිමියන් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

බැදුම්කර සිද්ධිය පිළිබඳ විමර්ශනය කළ කෝප් කමිටුවේ වාර්තාව පසුගිය ඔක්තෝම්බර් මාසයේදි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර ඒ පිළිබද කල් තැබීමේ විවාදයක් හෙට දිනය පුරා පාර්ලිමේන්තුවේදි පැවත්වීමට නියමිතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories