බැඳුම්කර විවාදය ඇරඹේ,හොරාට හොරා කියනවා - අනුර කුමාර

Tuesday, 24 January 2017 - 12:01

%E0%B6%B6%E0%B7%90%E0%B6%B3%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A%2C%E0%B7%84%E0%B7%9C%E0%B6%BB%E0%B7%8F%E0%B6%A7+%E0%B7%84%E0%B7%9C%E0%B6%BB%E0%B7%8F+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%80%E0%B7%8F+-+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%BB+%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB
මහ බැංකු බැඳුම්කර සිද්ධියට අදාලව සිදුකරන පාර්ලිමේන්තු විවාදය අද පෙරවරුවේ ආරම්භ වුණා.

එහිදී කථානායකවරයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියේ චරිත ඝාතන සිදු නොවන ආකාරයට විවාදය පවත්වාගෙන යන ලෙසයි.

චරිත ඝාතන සිදු නොකරන බවත් එහෙත් හොරාට හොරා කීමට සිදුවන බවත් ඊට ප්‍රතිචාර දක්වමින් ජවිපෙ නායක අනුර දිසානායක කියා සිටියා.

වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ වංචනිකයන්ට දඩුවම් දීමට වංචනිකයන්ට නොහැකි බවයි.

මේ නිසා බැඳුම්කර සිද්ධියට අදාල පරීක්ෂණ කථානායක සහ පාර්ලිමේන්තුව යටතට පත්කරන ලෙස ඔහු ඉල්ලීමක් කළා.

අනුර කුමාර මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයත් සමග තවත් මැති ඇමතිවරුන් විවාදයට එක්වුනා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories