සත්‍යග්‍රහයේ නිරත වූ මෑන් පවර් සේවකයන් 37 ක් අත්අඩංගුවට

Wednesday, 25 January 2017 - 7:47

%E0%B7%83%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B6%AD+%E0%B7%80%E0%B7%96+%E0%B6%B8%E0%B7%91%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%80%E0%B6%BB%E0%B7%8A+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+37+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
විදුලිබල අමාත්‍යාංශය අසල සත්‍යග්‍රහයේ් නිරත වූ මෑන් පවර් සේවකයන් 37 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ අදාළ ස්ථානයෙන් ඉවත්වන ලෙස මින් පෙර අධිකරණය ලබාදුන් නියෝග කඩ කිරීමේ චෝදනාව මත ඊයේ (24) රාත්‍රියේ මොවුන් අත්අඩංගුවට ගත් බවයි.

අත්අඩංගුවට ගත් මෑන් පවර් සේවකයන් පිරිස අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

මේ අතර, අග්‍රාමාත්‍ය මහජන සම්බන්ධතා අධ්‍යක්‍ෂවරයා සමඟ අද පෙරවරුවේ පැවැත්වෙන සාකච්ඡා අසාර්ථක වුවහොත් සිය අරගලය අඛන්ඩව ඉදිරියට ගෙන යන බව මෑන් පවර් අරගල සහයෝගීතා ව්‍යාපාරය පවසනවා.

ඊයේ පස්වරුවේ පැවති උද්ඝෝෂණයකින් අනතුරුව එම ව්‍යාපාරයේ සාමාජික නිමන්ත විජේසූරිය මේ බව කියා සිටියා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories