අත්අඩංගුවට ගත් මෑන් පවර් සේවකයන්ට ඇප

Wednesday, 25 January 2017 - 14:11

%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%91%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%80%E0%B6%BB%E0%B7%8A+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%87%E0%B6%B4
අධිකරණ නියෝග කඩකරමින් විදුලිබල අමාත්‍යාංශය අසල උපවාසයේ නිරත වීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් මෑන් පවර් සේවකයන් 37 දෙනා අද ඇප මත මුදාහැරුණා.

ඒ, ඔවුන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. දින 23 ක සිට මෙම පිරිස විදුලිබල අමාත්‍යාංශය ඉදිරිපිට උපවාසයේ නිරතවෙමින් සිටියා.

මේ අතර රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගයේ සාමාජිකයින් අද විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා හමුවී තිබුණා.

එහිදි ඔවුන් සෞඛ්‍ය හේතූන් මත විශ්‍රාම ගනු ලැබූ රණවිරුවන්ට සාධාරණයක් ඉටු කරන ලෙස ඉල්ලමින් අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වෙත ලිපියක්ද භාරදී තිබෙනවා.

පසුව ඔවුන් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණ තිබූ අතර, පොලීසිය ලෝටස් මාර්ගය මාර්ග බාධක යොදා වසා දමමින් ඔවුන් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යෑම වළක්වනු ලැබුවා.

අනතුරුව ඔවුන්ගේ නියෝජිතයින් පස්දෙනෙකු ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ගොස් සන්දේශයක් භාරදී තිබුණේ භික්ෂූන් වහන්සේලා නීතිය හමුවට පැමිණවීම වළක්වන ලෙස ජනාධිපතිවරයාගෙන්  ඉල්ලා සිටීමටයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories