බැඳුම්කර වංචාව ගැන නීතිපතිගෙන් නිර්දේශ ලබාගන්න සියලූ පක්ෂ එකඟවෙයි

Wednesday, 25 January 2017 - 18:05

%E0%B6%B6%E0%B7%90%E0%B6%B3%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB+%E0%B7%80%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%8A%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%96+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%91%E0%B6%9A%E0%B6%9F%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
මහා බැංකු බැදුම්කර වංචාවට අදාළ  කෝප්  කමිටු වාර්තාව නිතිපතිවරයා වෙත යොමුකිරිමට කථානායක කරු ජයසුරිය ඉදිරිපත් කල යෝජනාවට අද පාර්ලිමේන්තුවේ එකඟත්වය හිමිවුනා.

ඉදිරියේදි පාර්ලිමේන්තුවේ විවිධ කාරක සභා මගින් කරුණු විමර්ශනය කිරිමෙන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන එවැනි වාර්තා වැඩිදුර කටයුතු සදහා නිතිපතිවරයා වෙත යොමු කිරිම නිවැරදි බවයි එහිදී කථානායකවරයා කියා සිටියේ.

කථානායක කරු ජයසුරිය ඒ පිළිබඳ අදහස් දැක්විමෙන් අනතුරුව සභානායක ලක්ෂමන් කිරිඇල්ල, පාර්ලිිමේන්තු මන්ත්‍රිවරුන් වන  බිමල් රත්නායක, වාසුදේව නායනායක්කාර, සුනිල් හදුන්නෙත්ති සහ නියෝජ්‍ය අමාත්‍ය අජිත්.පි.පෙරේරා ද සිය අදහස් පළ කළා.

මේ අතර  2008 වසරේ සිට 2015 දක්වා වු බැදුම්කර නිකුතු පිලිබද විගණකාධිපතිවරයා සිදු කල පරික්ෂණ වාර්තාවක පිටපතක් පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිම පිලබදවද අද පාර්ලිමේන්තුවේදී සංවාදයට ලක්වුණා.

ඒ මුදල් අමාත්‍ය රවී කරුණායක විසින් ඒ පිලිබද අදහස් දැක්විමත් සමගින්. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories