බැඳුම්කර වැරදිකරුවන්ට උපරිම දඩුවම් - කොමිසමක් පත් කළ හේතුව ජනපති කියයි

Wednesday, 25 January 2017 - 18:11

%E0%B6%B6%E0%B7%90%E0%B6%B3%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB+%E0%B7%80%E0%B7%90%E0%B6%BB%E0%B6%AF%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%8B%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B6%B8+%E0%B6%AF%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%B8%E0%B7%8A+-+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා ජනපති කොමිසමක් පත් කරනු ලැබුවේ නියම වැරදිකරුට උපරිම දඩුවම් ලබාදීමට බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.

ඒ, අද පස්වරුවේ ප්‍රකාශ කළේ නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ පැවති උත්සවයකට එක්වෙමින්.

එම උත්සවයේදී අනුශාසනාවක් සිදුකළ පූජ්‍ය බෙල්ලන්විල විමලරතන නා හිමියන්  බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ පිළිබඳව ප්‍රශ්න කරමින් කොමිසම් පත් කිරීමෙන් පළක් නොවන බව සඳහන් කළා.

අනතුරුව අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කියා සිටියේ කඩිනම් පරීක්ෂණයක් අවශ්‍යවීම හේතුවෙන් තමන් මෙම පියවර ගත් බවයි.

මීට පෙර අග්‍රාමාත්‍යවරයා විසින් මේ පිළිබඳ පරීක්ෂණ නීතිපතිවරයාට සහ පොලීසියට භාරදී ඇතත්, ඒ පිළිබඳ තමා සෑහීමකට පත් නොවන බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා.

දුෂණ සිදුකරන පුද්ගලයන් කුමන පාර්ශවයක් නියෝජනය කළද ඔවුන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බවයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන තවදුරටත් සඳහන් කළේ.

එම උත්සවයේදී අනුශාසනාවක් සිදුකළ පූජ්‍ය බෙල්ලන්විල විමලරතන නා හිමියන්

- ජනාධිපති තුමනි මිනිස්සු වෙනසක් බලාපාරොත්තු වුණා. අද අවුරුදු දෙකක් ගිහිල්ලා අද මිනිස්සු බලනකොට ඒ වෙනස වෙලා තියෙනවාද කියලා ප්‍රශ්න කරන්න සිද්ධ වෙලා තියෙනවා. මම කියන්නේ ඉතාම පැහැදිලිව හොරකමක් වංචාවක් වෙලා තියෙනවා ඒක මේ රටේ පොඩි එකාගෙන් ඇහුවාත් කියයි මේක වංචාවක් කියලා. මේක හොරකමක්. ඇයි මේක වහන්න හදන්නේ.? ඇයි මේකට කොමිසන් පත් කරලා වහන්න හදන්නේ. වැඩක් නැහැ මේක බොරුවක්. පාර්ලිමේන්තුවේ විවාද කරනවා කියලා ආයි කවුරුහරි දාලා නඩුවක් දාලා. මේවා මහා විශාල විහිළු. මේ රටේ සියලුම මිනිස්සු අර මොකාටද අන්දලා වැඩ කරනවා කියලා සමහර වෙලාවට හිතෙනවා. තමන්ගේ මිත්‍රයින්ට හිතවතුන්ට ලාබ උපයාගෙන රටට කෝටි බිලියන ගණනක් පාඩුවෙන දේවල් කරන්න කලිසම් ඇදගෙන ලැජ්ජනැද්ද මහත්වරු කියන දේශපාලනඥයන්ට මේ රටේ ඉන්න. මේ වංචා දූෂණ නැති කරන්න තමයි ඔබතුමාට මේ රටේ හැට එක් දෙලක්ෂයක් ජනතාව ඡන්දය දුන්නේ. එක එක යෝජනා බටහිරින් එනවා. අවසාන වශයෙන් සමලිංගික සේවනයත් නීතිගත කරන්න කියලා සමහරු යෝජනා කරනවා. මොන විහිළුවක්ද මේ. ජී.එස්.පී. ප්ලස් හරි මොන එක හරි අපි දෙන දේ දෙන්න ඕන අපේ අනන්‍යතාවය තුළ ඕන අපි මේවා ලබාගන්න. අපේ සංස්කෘතිය අපේ සදාචාරය පාවලා දීලා අපිට ඔය මොන සම්පත් ගෙනාවත් වැඩක් නැහැ. මාලු යවන්න නිදහස අනිත් ඒවා යවන්න නිදහස. කියලා ඒවා වැඩක් නැහැ . මේවගේ කතාවක් මං මීට කලින් කලාද කියලා මං හිතන්නේ නැහැ අපේ ජනාධිපතිවරයා ඉදිරියේ. අපේ හිත්වල තියෙන එක්තරා වේදනාවක් නිසයි මං මේ කතා කළේ.


මේ එහිදි අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන

- අදත් මම ආවේ බුද්ධ ප්‍රතිමා වහන්සේ වැද පුදාගෙන මලක් පුදාගෙන යන්නයි. පෙන්වා දෙන කරුණුවලට මම පිළිතුරක් නොදුන්නොත් මම ජනාධිපති විදිහට මගේ යුතුකම හා වගකීම පැහැර හැරියා වෙනවා. අපේ රටටත් අවංක දේශපාලනඥයන්ගේ අඩුව අදත් තියෙනවා. ඒකයි තියෙන ප්‍රශ්නය. දැන් ඊයේ පාර්ලිමේන්තුවේ තිබුණා මහ බැංකු බැදුම්කර පිළිබද විවාදය. ඊයේ විවාදය ගමේ භාෂාවෙන් කියන අර දෙගොල්ලොම නෑවා කියන එක තමයි මම දකින්නේ. කවුරු හොරකම් කළත් වැරදියි. අපේ බෙල්ලන්විල නායක හාමුරුවනේ අවසරයි. කොමිෂන් සභා බොරුවක් කියලා ඔබ වහන්සේ සදහන් කළා.සමාවෙන්න ඕනේ ඒකට මම උත්තර දීම ගැන. මේ රටේ ඉන්න ඉහළම නීති විශාරදයින්ගේ මම උපදෙස් අරගෙන තමයි මේ කොමිෂන් සභා පත් කළේ. මේකට කොමිෂන් සභාවක් පත් කරන්නේ නැතුව ඉන් බාහිරව කරන පරීක්ෂණ අවුරුදු 2 – 3 ක් ඇදෙන්න පුළුවන්. ඒක තමයි ඇත්ත තත්ත්වය. ඒ වගේම පාර්ලිමේන්තුවෙන් ඊයේ සම්මත වෙන්න කලින් මේ වාර්තාව අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් නීතිපතිට යවලා එතනින් පොලිස්පතිතුමාට යවලා තියෙනවා පරීක්ෂණය සදහා මම ඒ ගැන සොයා බැලුවා. පොලිස් පරීක්ෂණ දැන් ඒ සම්බන්ධයෙන් කරගෙන යන ඒවා තුළ මේ වනවිටත් ඒ පැත්තෙන් තීන්දු වෙලා තියෙන්නේ අපරාධ පිළිබදව කරන පරීක්ෂණ ආකාරයෙන් නෙමෙයි සාමාන්‍ය සිවිල් කටයුතු සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණයක් විදිහටයි මේක කරන්න පුළුවන් කියලා. මං ඒකට එකග වෙන්නේ නැහැ. මේ වැඩේ හරියට කරන්නයි මට අවශ්‍ය. මම ඒක රටටම පැහැදිලිව කියන්න ඕන.

මේ කටයුත්තේදී වැරද්දක් වෙලා තියෙන සොයාගෙන එතන හරියට නඩුව පවරන්න. හරියට නීතිය ක්‍රියාත්මක වෙන්න. මේ වැඩේ හරියට කරන්න ඕන නිසා තමයි මම ජනාධිපති කොමිසමක් පත් කළේ. මට මේ වැඩේ යට ගහන්න කිසිම වුවමනාවක් නැහැ. වංචා දූෂණ හොරකම් අන්ත විදිහට තිබුණ වැරදි පාලනයකින් මම ඉවතට ආවේ. තවත් ඒ වගේ පාලනයක් හදන්න මම සූදානම් නැහැ. මං ඒක පැහැදිලිවම කියන්න ඕන. ඒ නිසා හොරුනම් කවුරුත් හොරු. කවුද කියන එක මට ප්‍රශ්නයක් නෙමෙයි. මගේ වැඩේ මම හරියට කරනවා. හිටපු අයද ඉන්න අයද කියන එක මට ප්‍රශ්නයක් නෙමෙයි. මේ බැඳුම්කර සිද්ධිය මේ අවුරුදු දෙකේ ප්‍රශ්නය තමයි ඇදුනේ එළියට ආවේ. බැහැයි පැහැදිලිවම පසුගිය අවුරුදු 7 – 8 ඒවා තියෙනවා. මේ අවුරුදු දෙකේ කාරණාව පරීක්ෂණ ඉවර වුණාට පස්සේ කලින් අවුරුදු 7 – 8 කම මේ විදිහකටම වෙලා තියෙන ඒ ක්‍රීඩවටත් මම ඒකටත් කොමිෂන් සභාවක් පත් කරලා ඒ වැඩෙත් පටන් ගන්නවා කියන එක මම බොහොම පැහැදිලිව කියන්න ඕන.

ඔබවහන්සේලා මෙතන සදහන් කළා. මේ සමලිංගික කතාව පිළිබදව කැබිනට් එකට ආවා මං තමයි විසි කෙරුවේ. ඒ එක්කම ඔය පත්‍රිකාවල ආවා ගණිකා වෘත්තීය ගැනත් ආවා නීතිගත කරන්න. මම තමයි ඒවා විසි කෙරුවේ. මම ඒ තීන්දු තීරණ ගත්තේ. අර්ජුන මහේන්ද්‍රන් එළියට දැම්මේ මමයි. අද ඉන්න ලෝකම පිළිගන්න ආචාර්ය කුමාරස්වාමි පත් කෙරුවේ මමයි. ඇතැම් පිරිසකගේ විවේචනයට ලක්වෙලා තියෙනවා. විගණකාධිපතිවරයා පත් කෙරුවේ මමයි. ඒ නිසා මගේ වැඩේ මම හරියට කරනවා අපේ හාමුදුරුවනේ. අඩුපාඩු තියෙනවා නම් මම ඒ අඩුපාඩු හදාගන්න ලෑස්තියි.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories