අද දිනයේ ප්‍රදේශ රැසකට වැසි

Friday, 27 January 2017 - 6:54

%E0%B6%85%E0%B6%AF+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92
අද දිනයේදී දිවයිනේ බොහෝ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වඩා තද වැසි ද බලාපොරොත්තුවන බවයි දෙපාර්තමේන්තුව නිවේදනය කලේ.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ද පවතින වැසි තත්වය වර්ධනය විය හැකියි.

දැනට පවතින ක්‍රියාකාරී වලාකුළු පද්ධතිය හේතුවෙන් බස්නාහිර / නැගෙනහිර සහ දකුණු මුහුදු ප්‍රදේශවල සුළං වේගය ක්ෂණිකව පැයට කිලෝමීටර් 70 ත් 80 ත් පමණ දක්වා ඉහළ යාමේ හැකියාවක් පවතිනවා.

එබැවින් එම මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රළුවන බැවින් මේ පිළිබඳ විමසිලිමත් වන ලෙසටයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර සහ නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටින්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories