මහා වන්දනා චාරිකාව, හිරු සිරිපා කරුණාව ඇරඹේ (ඡායාරූප)

Friday, 27 January 2017 - 6:55

%E0%B6%B8%E0%B7%84%E0%B7%8F+%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F+%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%2C+%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B7%80+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
ලක් ඉතිහාසයේ සංවිධාන වන්නා වූ මහා වන්දනා චාරිකාව, හිරු සිරිපා කරුණාව අද (27) අලූයම ආරම්භ කෙරුණා.

හිරු එෆ්.එම්. සංවිධාන කරන මේ සුපින්බර වන්දනා චාරිකාවට එක්ව සිටින්නේ රට පුරා විසිරුණු හිරු ශ්‍රාවකයන්.

අද උදෑසන දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පිටත්වන වන්දනා බස් රථවලින් එම පිරිස් සිරිපා කරුණා කිරීමට රැගෙන යන අතර, ඔවුන්ට අවශ්‍ය සියලූ පහසුකම් සැලසීමට හිරු එෆ්.එම්. කටයුතු යොදා තිබෙනවා.

ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ තවත් පින්බර සංකල්පයක් ලෙසින් දියත් කෙරෙන හිරු සිරිපා කරුණාව, දිවයිනේ සතර දිග් භාගයෙන්ම පෙළ ගැසෙන ශ්‍රාවක බැතිමතුන්ට හිරුගේ සියලූ සුව සත්කාර මැද සිරිපා කරුණා කිරීමට වරම් හිමි වනවා.

කොළඹ, පොළොන්නරුව, ඇල්පිටිය, වැල්ලවාය, ආනමඩුව සහ ගිරිඋල්ලෙන්, වන්දනා නඩ රැගත් එම බස් රථ හිරු සිරිපා කරුණාවට එක් වනවා.

මෙවරද හිරු සිරිපා කරුණාවේ සුවිශේෂීත්වය වන්නේ උත්තරීතර පූජා කරඬු වහන්සේ හය නමක් වැඩම කරවන මංගල රිය පෙරහර දිවයිනේ ස්ථාන 06 කින් ගමන් ආරම්භ කිරීමයි.

පොලොන්නරුවේ සිට සිරිපා කරුණාවට වන්දනා නඩය රැගත් බස් රථය පිටත් වුණේ පොලොන්නරුව පුරාණ ශ්‍රී ජයමහා විහාරස්ථානයෙන්.

එමෙන්ම, වැල්ලවාය බෞද්ධ මන්දිරය අසලට රැස්වූ තවත් වන්දනා නඩයක් රැගත් බස් රථය සිරිපා කරුණාවට එක්වුණා.

හිරු සිරිපා කරුණා කිරීම සදහා තවත් වන්දනා නඩයක් රැගත් බස් රථයක් අද අලූයම පිටත් වූයේ ඇල්පිටිය ශ්‍රී බෝධි රාජාරාම විහාරස්ථානයෙන්.

ආනමඩුව ශ්‍රී ආනන්දාරාම විහාරස්ථානයෙන් ද හිරු සිරිපා කරුණාවට තවත් වන්දනා නඩයක් රැගත් බස් රථයක් පිටත් වුණා.

ගිරිඋල්ල සංඝ රක්ඛිත පිරිවෙනින් ද තවත් වන්දනා නඩයක් රැගත් බස් රථය  අද උදෑසන ගමන් ආරම්භ කිරීමට නියමිතයි.

මේ අතර, කොළඹ හුණුපිටිය ගංඟාරාම විහාරස්ථානයෙන්ද වන්දනා නඩ රැගත් බස් රථ හිරු සිරිපා කරුණාවට එක්වීමට නියමිතයි.

එමෙන්ම, මෙවරද බැතිමතුන් රැගත් වන්දනා බස් රථ පිටත්වන මාර්ගයේම උත්තරීතර පූජා කරඬු වහන්සේ හය නම සහ අෂ්ඨ පරිෂ්කාර රැගත් රථ පෙළක්ද, බස් රථ ඉදිරියෙන් ගමන් කිරීම විශේෂත්වයක්.

ඊට වන්දනාමාන කිරීමට මග දෙපස රැස්ව සිටින ජනතාවටද අවස්ථාව සැලසෙනු ඇති.

අෂ්ඨ පරිෂ්කාර රැගත් හිරු වන්දනා රථ ඔබේ නගරයට පැමිණෙන වේලාව පිළිබඳ විටින් විට හිරු හරහා දැනුවත් කිරීම් සිදුවනවා.

පූජා භාණ්ඩ සමඟින් නන් දෙසින් පැමිණෙන වන්දනා නඩ නල්ලතන්නියට ළඟා වූ පසු සැදැහැ සිතින් සිරිපා කරුණා මහා වන්දනා චාරිකාව ආරම්භ වනු ඇති.





     


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories