බෙංගමුවේ නාලක හිමියන් ඇතුලු 7 ක් නිදහස්

Friday, 27 January 2017 - 11:21

%E0%B6%B6%E0%B7%99%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B7%8A+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BD%E0%B6%9A+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B6%BD%E0%B7%94+7+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A
පුජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් ඇතුලු ස්වාමීන් වහන්සේලා 5 නමකට සහ කාන්තාවන් දෙදෙනෙකුට එරෙහිව කොටුව පොලිසිය පවරා තිබු නඩුවෙන් සියලු සැකකරුවන් නිදහස් කර තිබෙනවා.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවියයි අද මෙම නියෝගය ලබාදුන්නේ.

පසුගිය නොවැම්බර් මස 7 වනදා ආබාධිත රණවිරුවන් පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැත්වු විරෝධතාවයේදී මහජන පීඩාව ඇතිවන අයුරින් කටයුතු කිරීම සහ පොදු දේපළ හානි කිරීමේ චෝදනා යටතේ සැකකරුවන්ට එරෙහිව නඩු පවරා තිබුනා.

මීට අදාළ සැකකරුවන් නිදහස් කරමින් මහේස්ත්‍රාත්වරිය ප්‍රකාශ කලේ පොලිසිය නිසි වගන්ති යටතේ නඩු පවරා නොමැති බවයි.

එබැවින් නිසි වගන්ති යටතේ මේ සම්බන්ධයෙන් නඩු පවරන ලෙසට ද මහේස්ත්‍රාත්වරිය පොලිසියට ප්‍රකාශකර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories