හෙට සිට ගාලු මුවදොර මාර්ගයේ විශේෂ රථ වාහන සැලැස්මක්

Friday, 27 January 2017 - 11:45

%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%9C%E0%B7%8F%E0%B6%BD%E0%B7%94+%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%AF%E0%B7%9C%E0%B6%BB+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%BB%E0%B6%AE+%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
හෙට සහ ලබන ඉරිදා මෙන්ම පෙබරවාරි 1 / 2 සහ  3 යන දිනවල ගාලූ පාර, ගෝල්ෆේස් වටරවුමේ සිට පරණ පාර්ලිමේන්තු වටරවුම දක්වා මාර්ගය වසා තැබෙන බව පොලිසිය පවසනවා.

නිදහස් දින සැමරුමේ පෙරහුරු පැවැත්වීම ඊට හේතුවයි.

ඒ අනුව මෙම දිනවල උදෑසන 7 සිට පුහුණුවීම් අවසන්වන තෙක් ගාලු මුවදොර මාර්ගය වසා තැබෙන බවයි පොලිසිය නිවේදනය කලේ.

එම කාලසීමාවන්වලදී විකල්ප මාර්ග භාවිත කරන ලෙසට පොලිසිය දැනුම් දෙනවා.

පොලිස් මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රථවාහන නියෝජ්‍ය පොලිස්පති පාලිත ප්‍රනාන්දු කියා සිටියේ නිදහස් උළෙල පැවැත්වෙන ලබන 4 වනදා කොළඹ නගරයේ විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories