රාජකීයයට ළමයින් ඇතුළත් කිරීමේ මණ්ඩලයේ 7 කගේ වැඩ තහනම්

Friday, 27 January 2017 - 12:23

%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%9A%E0%B7%93%E0%B6%BA%E0%B6%BA%E0%B6%A7+%E0%B7%85%E0%B6%B8%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A+7+%E0%B6%9A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A
කොළඹ රාජකීය විද්‍යාලයේ 2017 වර්ෂයට අදාළව පළමු ශ්‍රේණියට සිසුන් බදවා ගැනීමේදී සිදුවූ ඇතැයි කියන අක්‍රමිකතාවන්ට සම්බන්ධ නිලධාරින් 7 දෙනෙකුගේ වැඩ තහනම් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ගේ උපදෙස් මත පත් කළ විශේෂ විමර්ශන කමිටුව මගින් සිදුකළ විමර්ශනවලින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බවයි එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ.

වැඩ තහනම් කළ නිලධාරින් අතර, ප්‍රධාන සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ සිටි නිලධාරින් තුන්දෙනෙකු සහ අභියාචනා මණ්ඩලයේ සිටි නිලධාරින් සිව් දෙනෙකු වනවා.

සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ කටයුතු කළ කොළඹ රාජකීය විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිවරයෙකු, සහකාර විදුහල්පතිවරයෙකු සහ ගුරුවරයෙකු ද ඊට ඇතුළත්.

එමෙන්ම, අභියාචනා මණ්ඩලයේ කටයුතු කළ කැළණිය ධර්මාලෝක විද්‍යාලයේ විදුහල්පතිවරයා, මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිවරියක්, කොළඹ රාජකීය විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිවරයෙකු සහ ගුරුවරයෙකු ද වැඩතහනම් කළ නිලධාරින් පිරිසට ඇතුළත් වනවා.

මේ සම්බන්ධයෙන් විමර්ශන වැඩිදුරටත් ක්‍රියාත්මක කෙරෙන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කල නිවේදනයේ දැක්වෙන්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories