ඒකාබද්ධ විපක්ෂයේ නුගේගොඩ රැළියටත්, කොස් කොළ සහ ක්‍රෝටන්

Friday, 27 January 2017 - 18:56

%E0%B6%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%94%E0%B6%9C%E0%B7%9A%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B6%BB%E0%B7%90%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A%2C+%E0%B6%9A%E0%B7%9C%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85+%E0%B7%83%E0%B7%84+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9D%E0%B6%A7%E0%B6%B1%E0%B7%8A
ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කරන පෙරළියක ඇරඹුම ජන රැළිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් මේ වන විට නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදී පැවැත්වෙනවා.

ඒ, රට බෙදන ව්‍යවස්ථාව, ජීවන වියදම, සොරකම සහ දූෂණය, පළාත් පාලන මැතිවරණය කල් දැමීම සහ රාජ්‍ය ආයතන විකිණීම ඇතුළු කරුණු 5කට විරෝධය පළ කරමින්. රැලියට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු, පළාත් සභා සහ හිටපු පළාත් පාලන මන්ත්‍රීවරුන් මෙන්ම, දේශපාලන පක්ෂ රැසක නායකයින් සහ නියෝජිතයින් සහ කලාකරුවන් ද එක්ව සිටින බවයි හිරු වාර්තාකරුවන් සදහන් කළේ.

ජන රැළියට පැමිණි ජනතාව ක්‍රෝටන් කොළ සහ කොස් කොළ ද රැගෙන පැමිණ සිටීම විශේෂත්වයක්.

රැළිය හේතුවෙන් නුගේගොඩ සහ ඒ අවට මාර්ග රැසක දැඩි රථ වාහන තදබදයක් පවතිනවා.

ජනරැළිය අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන කියා සිටියේ ආණ්ඩුව පරාජය කරන පණිවුඩය ලබාදෙන ඓතිහාසික ජන රැළියක් මෙලෙස පවත්වන බවයි.

ආණ්ඩුව ලබාදුන් සියලු පොරොන්දු කඩ වී ඇති බවයි ඊට එක්වෙමින් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ කියා සිටියේ.

හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනායගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් ද රැළිය ඇමතූ අතර ඔහු කියා සිටියේ මාතෘභූමිය වෙනුවෙන් සියලු  දෙනා හිටපු ජනාධිපතිවරයා සමඟ එක්ව සිටින බවයි.

කවියකින් රැළිය ඇමතූ කලාකරු සමන් ඒකනායක මෙවැනි අදහසක් පළ කළා.

‘‘ඩිෆෙන්ඩර්වලින් තරුණයෝ උස්සන - චන්ඩි රැජිණියෝ හිත හිරිවට්ටන

සෙනසුරාදා නඩු අහලා ඇප දෙන - පුදුම රටක් නීතිය දණ ගස්සන’’







Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories