බැඳුම්කර වංචාව ගැන සොයන ජනපති කොමිසම පත් කෙරේ

Friday, 27 January 2017 - 19:02

%E0%B6%B6%E0%B7%90%E0%B6%B3%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB+%E0%B7%80%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B6%B1+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
මහබැංකු බැඳුම්කර වංචාව පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ සාමාජිකයන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පත් කර තිබෙනවා.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී.චිත්‍රසිරි, ප්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගනකාධිපති කන්දසාමි වේළුපිල්ලේ එහි සාමාජිකයන් වන බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

මේ අතර, වර්තමානයේ දේශපාලනඥයන්ට ද තත්ත්ව සම්මාන ලබාදිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.

ඒ, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් වාර්ෂිකව සංවිධානය කරන ජාතික තත්ත්ව සම්මාන උළෙලට කොළඹ දී අද එක්වෙමින්.

එසේම ඉදිරි වසර 4 තුළ මෙරට වන ඝනත්වය සියයට 32 දක්වා වර්ධනය කර ගැනීම තම අරමුණ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.

කොළඹ ආනන්ද විද්‍යාලයේ ඉදිවූ ජීව වායු, හරිත වගා සහ සූර්ය බලශක්ති ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට අද එක්වෙමින් ජනාධිපතිවරයා තවදුරටත් සදහන් කළේ රටේ ආර්ථික නිදහස ළඟා කර ගැනීම දේශපාලනඥයින්ට සහ රාජ්‍ය නිලධාරීන්ට පමණක් පැවරෙන වගකීමක් නොවන බවයි.

පාසල් දරුවාගේ සිට සෑම පුරවැසියෙකුම ඊට දායක විය යුතු බව ජනාධිපතිවරයා කියා සිටියා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories