"හිරු සිරිපා කරුණාව" අති සාර්ථකව නිමවූ වගයි (ඡායාරූප)

Saturday, 28 January 2017 - 9:59

%22%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B7%80%22+%E0%B6%85%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B6%9A%E0%B7%80+%E0%B6%B1%E0%B7%92%E0%B6%B8%E0%B7%80%E0%B7%96+%E0%B7%80%E0%B6%9C%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
ලක් ඉතිහාසයේ සංවිධාන වන්නා වූ මහා වන්දනා චාරිකාව, හිරු සිරිපා කරුණාව අද (28)  අති සාර්ථකව නිමාවට පත්වුණා.

හිරු එෆ්.එම්. සංවිධාන කළ මේ සුපින්බර වන්දනා ගමනට එක්වුණේ රට පුරා විසිරුණු හිරු ශ්‍රාවකයන්.

ආසියානු මාධ්‍යජාලයේ ගරු සභාපති රේනෝ සිල්වා මහතාගේ සංකල්පයක් මත සංවිධාන වූ මෙම සුපින්බර වන්දනා ගමනේදී එයට සහභාගී වන හිරු ශ්‍රාවකයන්ට සියලු පහසුකම්වලින් සපිරි බස් රථ මෙන්ම ඔවුන්ට අවශ්‍ය සියළු දෑ ලබාදීමට හිරු එෆ්.එම්. කටයුතු කළේ මේ සුපින්බර වන්දනා ගමනට එක්වූ සෑම සියලූ දෙනාටම තම සිතැගි අයුරින් සිරිපා කරුණා කරන්නට අවස්ථාව සලසමින්.  

මෙම මහා වන්දනා ගමනට සමගාමීව රටපුරා විසිරුණු සැදැහැවතුන් වෙනුවෙන් තවත් සුවිශේෂී කටයුත්තක් සිදුකිරීමට හිරු එෆ්.එම්. තීරණය කළා.

ඒ උත්තරීතර පූජා කරඬු වහන්සේ හය නමක් වැඩම කරවන මංගල රිය පෙරහරයි.

එය දිවයිනේ ස්ථාන රැසකින් ගමන් ආරම්භ කළ අතර ඊට වන්දනාමාන කිරීමට සහ පඬුරු පූජා කිරීමට මග දෙපස රැස්ව සිටියේ අති විශාල ජනකායක්.

හිරු ශ්‍රාවකයන් ශ්‍රි පාද පූජා භූමියේදී වතාවත් සිදුකිරීමෙන් අනතුරව නැවත ගම්බිම්කරා පිටත්වූයේ මෙම පින්බර වන්දනා ගමන සංවිධානය කල සියලු දෙනාටම සිය ස්තූතිය පුදකරමිනුයි. මෙම සුපින්බර චාරිකාවේ ඡායාරූප එකතුව හා වීඩියෝව පහතින්.....








   



 
 

සම්පූර්ණ ඡායාරූප එකතුව මෙතැනින් බලන්න......


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories