බඩෝවිට ප්‍රදේශයෙන් පුද්ගල මළ සිරුරු දෙකක් හමුවෙයි

Saturday, 28 January 2017 - 10:41

%E0%B6%B6%E0%B6%A9%E0%B7%9D%E0%B7%80%E0%B7%92%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD+%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
දෙහිවල බඩෝවිට ප්‍රදේශයේ වැවක සහ ඇලක තිබී පුද්ගල මළ සිරුරු දෙකක් සොයාගෙන තිබෙනවා.

බඩෝවිට ප්‍රදේශයේ හෝටලයක් පිටුපස ඇති වැවක සහ හෝටලය ඉදිරිපස බඩෝවිට පාලම අසල ඇලේ තිබී මෙම මළ සිරුරු හමුවී ඇති බවයි පොලිසිය සඳහන් කලේ.

අද උදෑසන පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුනු තොරතුරකට අනුව කල විමර්ශණයකදී සිරුරු සොයා ගැනුනා.

මෙම මළ සිරුරුවල අනන්‍යතාව මෙතෙක් අනාවරණ වී නැහැ. දෙහිවල පොලිසිය විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

මේ අතර මොණරාගල - ඇතිමලේ උස්ගොඩ ප්‍රදේශයේදීද සැක කටයුතු අන්දමින් වෙඩි වැදී මිය ගිය තරුණයෙකුගේ  සිරුරක් පොලීසිය සොයාගෙන තිබෙනවා.

මිය ගොස් ඇත්තේ ඇතිමලේ - කොටපාර ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි තරුණයෙක්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories