ආනයනික සහල් ලබන සතියේ සිට වෙළදපොළේදී මිලදී ගත හැකි බව අත්‍යවශ්‍ය ආහාර ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.
හිරු ප්රවෘත්ති අංශය කළ විමසීමකදී එම සංගමයේ සභාපති නිහාල් සෙනෙවිරත්න මේ බව කියා සිටියා.
ආනයනික සහල් කිලෝග්‍රෑමයක් මත පනවා තිබූ රුපියල් 15ක විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 5 දක්වා අඩු කිරීමට රජය පියවර ගත්තා.
මුදල් අමාත්‍යාංශය කියා සිටියේ රතු කැකුළු, නාඩු සහ සම්බා යන සහල් වර්ග සදහා මෙම සහනය ක්‍රියාත්මක බවයි.
එසේම මෙම සහල් රුපියල් 76 කට වඩා වැඩි මිලකට අලෙවි කළ නොහැකි බවටද ජනාධිපතිවරයා නියෝග කර තිබුණා.

Follow US
Most Viewed Stories