හොරණ ටයර් කර්මාන්තශාලා ව්‍යාපෘතිය පිළිබඳව ජනාධිපතිවරයා ලබන සතියේ විශේෂ සාකච්ඡාවක් කැඳවා ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ කරනවා.
ඔහු මේ බව කියා සිටියේ අදාළ ව්‍යාපෘතිය පිළිබඳව සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම පසුගියදා නිකුත් කළ නිවේදනය සම්බන්ධයෙන් අද (28) උදෑසන ගාල්ල - උඩුගම ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.
පසුගියදා පැවති කැබිනට් තීරණ දැනුම් දිමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය රාජිත සේනාරත්න කියා සිටියේ අග්‍රාමාත්‍යවරයා අදාළ කර්මාන්ත ශාලාවට මුල් ගල තැබිමේ අවස්ථාවට එක්වුයේ එහි ආයෝජකයා පිළිබඳ කරුණු නිසිලෙස නොදැන බවයි.
එහෙත් එම ප්‍රකාශය අසත්‍යක් බව සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍ය මලික් සමරවික්‍රම සිය නිවේදනයෙන් සදහන් කර තිබුණා.
එමෙන්ම, අක්කරයක් රුපියල් 100 ක මුදලකට ලබාදී ඇති බවට රාජිත සේනාරත්න අමාත්‍යවරයා කළ ප්‍රකාශය බැහැර කළ අමාත්‍ය මලික් සමරවික්‍රම සඳහන් කර තිබුණේ අදාළ භූමිය රජයේ ප්‍රධාන තක්සේරුකරු විසින් රුපියල් මිලියන 170 කට තක්සේරු කර තිබූ බවයි.
එමෙන්ම අදාළ ඉඩම සඳහා ආයෝජකයාගෙන් රුපියල් දස දහසක වාර්ෂික ගාස්තුවක් අය කර ගන්නා බව ද අමාත්‍ය මලික් සමරවික්‍රම සිය නිවේදනය මගින් දක්වා තිබුණා.
කෙසේ වෙතත්, අමාත්‍ය රාජිත සේනාරත්න පවසන්නේ ආයෝජකයාගෙන් ඉඩම සඳහා රුපියල් දසදහසක වාර්ෂික ගාස්තුවක් අයකරන්නේ නම් ලබාදීමට නියමිත ඉඩම් ප්‍රමාණය හා සැසඳීමේදි එහි අක්කරයක් රුපියල් 100 කට ලබාදී ඇති බවට තමා කළ ප්‍රකාශය නිවැරදි බවයි.

Follow US
Most Viewed Stories