අශෝකගේ ලියුමට ෆයිසර්ගෙන් පිළිතුරු

Saturday, 28 January 2017 - 19:00

%E0%B6%85%E0%B7%81%E0%B7%9D%E0%B6%9A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B6%A7+%E0%B7%86%E0%B6%BA%E0%B7%92%E0%B7%83%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94
පළාත් පාලන සීමා නිර්ණ අභියාචනා කමිටු වාර්තාවේ පවතින දෝෂ නිවැරදි කර ඊට අදාළ ගැසට් නිවේදනය මේ මස 31 වනදාට පෙර අනිවාර්යයෙන් නිකුත් කරන බව පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශය, පළාත් පාලන සීමානිර්ණ අභියාචනා කමිටුව වෙත ඊයේ (27) යොමුකළ ලිපිය පිළිබඳව එම කමිටුවේ සභාපතිවරයාගේ අදහස් වලට ප්‍රතිචාර දක්වමින්.

එක්සත් ජාතික පක්ෂය, නිදහස් සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින්ගෙන් සමන්විත සීමානිර්ණ අභියාචනා කමිටුව සිය අවසන් වාර්තාව විෂය භාර අමාත්‍ය ෆයිසර් මුස්තාෆා වෙත භාර දෙනු ලැබුවේ පසුගිය 17 වනදායි.

කෙසේ වෙතත්, අදාළ වාර්තාවේ අඩුපාඩු පවතින නිසා එය ගැසට් කිරීම සඳහා අමාත්‍යාංශයට විශාල ආයාසයක් දැරීමට සිදුව ඇති බවත් මෙවැනි අඩුපාඩු අභියාචනා කමිටුවෙන් බලාපොරොත්තු නොවූවක් බව අමාත්‍ය ෆයිසර් මුස්තාෆා ඊයේ ලිපියක් යොමුකරමින් සඳහන් කළා.

කෙසේ නමුත්, ඊට ප්‍රතිචාර දක්වමින් සීමානිර්ණ අභියාචනා කමිටුවේ සභාපති අශෝක පීරිස් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ අදාළ වාර්තාව ගැසට් කිරීම කල් දැමීම සඳහා විෂය භාර අමාත්‍ය ෆයිසර් මුස්තාෆා සදාචාර විරෝධී අන්දමින් කටයුතු කරමින් සිටින බවයි.

වාර්තාවේ පවතින බවට අමාත්‍යවරයා පවසන අඩුපාඩු තමන් පිළිනොගන්නා බව ද ඔහු කියා සිටියා.

මේ පිළිබඳව පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆාගෙන් අප කළ විමසීමේදී ඔහු කියා සිටියේ අදාළ දෝෂ, කමිටුව මගින් නිවැරදි නොකරන්නේ නම් තම අමාත්‍යාංශය මගින් ඒවා නිවැරදි කර අදාළ ගැසට් නිවේදනය නිකුත් කරන බවයි.

එමෙන්ම, අදාළ වාර්තාවේ අසම්පූර්ණ ස්ථාන සදාචාරාත්මකව තමන් ලිපියක් මගින් ඔහුට දැන්වූ බවත්, ඒවා නිවැරදි කිරීමට ඔහු මැදිහත් නොවන්නේ නම් අමාත්‍යාංශයේ නිලධාරීන් යොදවා කමිටු වාර්තාව නිවැරදි කර ගැසට් කිරීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories