ආර්ථිකයට හානි කරන කඩාකප්පල්කාරී ක්‍රියා පරාජය කරන බව අගමැති කියයි

Sunday, 29 January 2017 - 18:10

%E0%B6%86%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%A7+%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B6%9A%E0%B6%A9%E0%B7%8F%E0%B6%9A%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B6%BD%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%93+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ආර්ථිකය කඩා කප්පල් කිරීමේ අරමුණින් සිදුකරන වැඩවර්ජන, උද්ඝෝෂණ හා විවිධ තර්ජන පරාජය කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

අනුරාධපුර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ තරුණ ක්‍රියාකාරීන් දැනුවත් කිරීමේ රැස්වීමකට අද එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ 2015 ඡන්දයෙන් පසු එක්සත් ජාතික පක්ෂය යළි සංවිධාන කර වැඩ ආරම්භ කළ බවයි.

මේ අතර, අග්‍රාමාත්‍යවරයා අද පෙරවරුවේ අනුරාධපුරය - ඉසුරුමුනිය රජ මහා විහාරය වැඳ පුදා ගනු ලැබුවා.

ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කියා සිටියේ පහළ මල්වතුඔය ජලාශ ව්‍යාපෘතිය අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවි ජනතාවට කන්න දෙකක් වගා කිරීමට අවස්ථාව සැලසෙන බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories