හිටපු ජනපති පරාජය කළ දස දෙනෙකු ගැන, නිදහස් පක්ෂයෙන් හෙළිදරව්වක්

Sunday, 29 January 2017 - 18:18

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85+%E0%B6%AF%E0%B7%83+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%2C+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B6%AF%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පරාජය කළ කොළඹ, ගම්පහ සහ මහනුවර නායකයින් දස දෙනෙකු පිළිබඳ නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ සභාපති හිටපු නියෝජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාර අනාවරණයක් කළා.

ඒ, හබරාදුව නිදහස් පක්ෂ ප්‍රධාන කාර්යාලයේ අද පැවැති තරුණ සහ කාන්තා බල මණ්ඩල රැස්වීම අමතමින්.

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ හිටපු මහඇමති ප්‍රසන්න රණතුංග පසුගිය ජනාධිපතිවරණයේදී ගම්පහ දිස්ත්‍රික්කය පරාජයට පත් කළ බවත්, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන, උදය ගම්මන්පිළ සහ ගාමිණී ලොකුගේ කොළඹ දිස්ත්‍රික්කය පරාජයට පත් කළ බවත් ඔහු කියා සිටියා.

පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපතිවරයා මහනුවර දිස්ත්‍රික්කය පරාජයට පත්වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කෙහෙලිය රඹුක්වැල්ල, මහින්දානන්ද අලූත්ගමගේ, දිලූම් අමුණුගම සහ ලොහාන් රත්වත්තේ නිසා බවයි නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ සභාපති හිටපු නියෝජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාර තවදුරටත් කියා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories