කල්මුණේ අනතුරකින් තුන්දෙනෙකු මියයයි - දසදෙනෙකුට තුවාල

Monday, 30 January 2017 - 8:07

%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A%E0%B6%B8%E0%B7%94%E0%B6%AB%E0%B7%9A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%AF%E0%B7%83%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD
අම්පාර - කල්මුණේ - සයින්දුමරුදු ප්‍රදේශයේදී වෑන් රථයක් සහ බස් රථයක් ගැටී අද උදෑසන සිදුවූ අනතුරකින් පුද්ගලයන් තුන්දෙනෙකු මියගොස් 10 දෙනෙකු තුවාල ලබා කල්මුණේ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මියගිය තුන්දෙනා පාලමුණේ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

එමෙන්ම දඹුල්ල - හබරණ ප්‍රධාන මාර්ගයේ ඉනාමලූව ප්‍රදේශයේ අද අලූයම සිදුවූ අනතුරෙන් තුවාල ලබා රෝහල් ගතකළ 15 දෙනාගෙන් හතරදෙනෙකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ප්‍රකාශකයෙකු කියා සිටියා.

මේ අතර   කොළඹ - නුවර මාර්ගයේ නිට්ටඹුව - කළල්පිටිය ප්‍රදේශයේදී වෑන් රථයක් සහ මෝටර් රථයක් මුහුණට මුහුණ ලා ගැටී සිදුවූ අනතුරකින් නවසීලන්ත ජාතිකයන් හයදෙනෙකු ඇතුලූ අටදෙනෙකු තුවාල ලැබුවා.

අද අලූයම 12.20 ට පමණ සිදුවූ මෙම අනතුරෙන් තුවාල ලැබූවන් වතුපිටිවල රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔවුන්ගෙන් තුන්දෙනෙකු කාන්තාවන් වනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories