මත්ද්‍රව්‍ය ජාවාරමට ඉඩක් නැහැ,පිලිපීන ජනාධිපති කියයි

Monday, 30 January 2017 - 11:51

%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B6%A7+%E0%B6%89%E0%B6%A9%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90%2C%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%93%E0%B6%B1+%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
තමා ධුර කාලයේ සිටියදී කිසිදු අවස්ථාවක මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා ඉඩ ලබා නොදෙන බව පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ ඩුටරෙට් පවසනවා.

මත්ද්‍රව්‍ය වැටලීම්වලදී ආරක්ෂක අංශවලින් සිදුකරන අක්‍රමිකතා සම්බන්ධයෙන්ද දැඩිව කටයුතු කරන බවයි ඔහු ප්‍රකාශ කළේ.

පසුගිය වසරේදී මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුනු කොරියානු ජාතිකයෙකු පිලිපීනයේදී ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අදහස් දක්වමිනුයි පිලිපීන ජනාධීපතිවරයා මෙම ප්‍රකාශය කර ඇත්තේ.

මෙම කොරියානු ජාතිකයාගේ ඝාතනයට පිලිපීන පොලීසියේ සම්බන්ධතාවක් ඇති බවටද මීට පෙර අනාවරණ වුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories