ගම්පහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල සේවකයින් රාජකාරිවලින් ඉවත්වෙයි,ජනපතිගෙන් කැඳවීමක්

Monday, 30 January 2017 - 13:04

%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%84+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%93%E0%B6%BA+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92%2C%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම්වරියට බැණ වැදීමේ සිද්ධියට විරෝධය පල කරමින් ගම්පහ දිස්ත්‍රික්කයේ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සේවකයින් අද සේවයෙන් ඉවත් වී විරෝධතාවල නිරත වනවා.

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරිම සදහා ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ නිලධාරින් ජනාධිපතිවරයා විසින් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත අද දහවල් කැදවා ඇති බවයි එම සංගමයේ සභාපති රංජිත් ආරියරත්න කියා සිටියේ.

ගම්පහ - දිවුලපිටිය - දූනගහ ප්‍රදේශයේ සිදුකෙරෙන පස් කැපීමක් සම්බන්ධයෙන් සොයා බැලිමට ගිය අවස්ථාවේදී  දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් එච්.එම්.එල්.එස්.හේරත් ට නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක දුරකථනයෙන් අමතා බැණ වැදුනේ පසුගිය 26 වනදායි.

ඊට විරෝධය පලකරමින් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල දහතුනේම සේවකයින් අද උදෑසන සිට සේවයෙන් ඉවත් වීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරත වනවා.

දිවුලපිටිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සේවකයින් ද අද පෙරවරුවේ දිවුපිටිය නගරයේදි  විරෝධතාවක් පැවත්වු අතර ඒ හේතුවෙන්
කොළඹ - කුරුණෑගල මාර්ගයේ ගමනාගමන කටයුතු වලටද බාධා එල්ල වුණා.

මේ අතර අද පස්වරුවේ ජනාධිපතිවරයා සමග පැවත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව තම වෘත්තිය ක්‍රියාමාර්ගය පිළිබදව ඉදිරි තීරණ ගන්නා බවයි ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ සභාපති රංජිත් ආරියරත්න කියා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories