ආන්දෝලනයට තුඩු දුන් සයිටම් නඩු තීන්දුව අද

Tuesday, 31 January 2017 - 7:19

%E0%B6%86%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%9D%E0%B6%BD%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B6%A9%E0%B7%94+%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%BA%E0%B7%92%E0%B6%A7%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94+%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80+%E0%B6%85%E0%B6%AF
ආන්දෝලනයකට තුඩු දුන් මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට අදාළ නඩු තීන්දුව අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

තමන්ට වෛද්‍ය සභාවේ වෛද්‍යවරයෙකු ලෙස ලියාපදිංචියට අවසර ලබාදෙන ලෙස ඉල්ලා මෙම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුවියක් විසිනුයි අදාළ පෙත්සම අභියාචනාධිකරණ හමුවේ ගොනු කර තිබුණේ.

මෙහි වගඋත්තරකරුවන් ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා, අමාත්‍යාංශ ලේකම්වරයා සහ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ඇතුළු පුද්ගලයින් 17 දෙනෙකු නම් කර තිබෙනවා.  

මේ අතර, ඊයේ දිනයේ ද මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය පළ කරමින් මොරටුව විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් විරෝධතා පා ගමනක නිරත වුණා.

මීට අමතරව පසුගිය දින කිහිපය තුළ දී ද විශ්වවිද්‍යාල සිසුන් කොළඹට පැමිණ විරෝධතා පැවැත්වූ අතර ඊට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරනු ලැබුවා.

එමෙන්ම පාර්ලිමේන්තුව තුළ ද මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ගැටළුව පිළිබඳ සංවාදයට ලක් කෙරුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories