මුරණ්ඩු නොවී සමාව ගන්න, ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය රන්ජන්ට කියයි

Tuesday, 31 January 2017 - 7:34

%E0%B6%B8%E0%B7%94%E0%B6%BB%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94+%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B7%93+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B7%80+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%2C+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B7%8F+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B6%BA+%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සේවකයින් අද නියමිත පරිදි සේවයට වාර්තා කරන බව ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය පවසනවා.

නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම්වරියට බැන වැදීමේ සිද්ධියට විරෝධය පළ කරමින් ඊයේ ගම්පහ දිස්ත්‍රික්කයේ සියළු ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සේවකයින් සේවයෙන් ඉවත් වී විරෝධතාවල නිරත වුණා.

ගම්පහ - දිවුලපිටිය - දූනගහ ප්‍රදේශයේ සිදුකෙරෙන පස් කැපීමක් සම්බන්ධයෙන් සොයා බැලීමට ගිය අවස්ථාවේදී දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් එච්.එම්.එල්.එස්. හේරත්ට නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක දුරකථනයෙන් බැන වැදුණේ පසුගිය 26 වන දායි.

මේ අතර, නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක බැන වැදුණු දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම්වරිය ඊයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවුණා.

ඊට ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය ද එක්ව සිටියා.  

එහිදී අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කණගාටුව පළ කර ඇති අතර, ඒ පිළිබඳ වගකීම භාර ගන්නා බව ද ප්‍රකාශ කර තිබෙනවා.

ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ සභාපති රංජිත් ආරියරත්න කියා සිටියේ අදාළ සිද්ධියට සමාව ගැනීම සඳහා නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකට පෙබරවාරි මස 3 වන දා දක්වා කල් ලබාදෙන බවයි.

ඔහු කියා සිටියේ නියෝජ්‍ය අමාත්‍යවරයාට මුරණ්ඩු නොවී ඒ සඳහා කටයුතු කරන ලෙසට දැනුම් දෙන බවයි.

එසේ නොවුණහොත් ඉදිරියේදී දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණවීමට සිදුවන බව සභාපතිවරයා කියා සිටියා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories