හිරු මාධ්‍යවේදියාට පහර දුන් නාවික හමුදාපතිවරයාගෙන් මානව හිමිකම් කොමිසම කරුණු විමසයි

Tuesday, 31 January 2017 - 12:58

%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB+%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%9A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%80+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8+%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B7%83%E0%B6%BA%E0%B7%92
හම්බන්තොට වරාය පරිශ්‍රය තුළදී හිරු ප්‍රාදේශීය මාධ්‍යවේදී රොෂාන් ගුණසේකරට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්නගෙන් මානව හිමිකම් කොමිසම් සභාව වාර්තාවක් කැදවා තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් නාවික හමුදාපතිවරයා දැනුවත් කරමින් ලිපියක් ද යොමු කර ඇති බවයි එම කොමිසමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

හම්බන්තොට වරාය පරිශ්‍රයේ ඇති වූ කලහකාරී තත්ත්වය වාර්තා කිරීමට ගිය හිරු මාධ්‍යවේදියාගේ රාජකාරියට බාධා කරමින් නාවික හමුදාපතිවරයා විසින් මෙලෙස පහර දෙනු ලැබුවේ පසුගිය වසරේ දෙසැම්බර් මස 10 වන දායි.

මේ වන විට පහරකෑමට ලක්වූ හිරු මාධ්‍යවේදියාගෙන් ද මානව හිමිකම් කොමිසම් සභාව ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories