කෑගල්ලේ පුතෙකු මහමගදී මව ඝාතනය කරයි

Tuesday, 31 January 2017 - 18:51

%E0%B6%9A%E0%B7%91%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B7%84%E0%B6%B8%E0%B6%9C%E0%B6%AF%E0%B7%93+%E0%B6%B8%E0%B7%80+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
ඉඩම් ආරවුලක් හේතුවෙන් සිය මව තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කළ  පුතෙකු පිළිබඳ පුවතක් අද (31) කෑගල්ල - පිංදෙණිය - නාලියද්ද ප්‍රදේශයෙන් වාර්තාවුණා.

සත්දරු මවක් වන ඇය, කළකට පෙර තමන්ට අයත් ඉඩම් දරුවන්ට බෙදාදී ඇති අතර, 58 හැවිරිදි සැකකාර පුතු තවත් ඉඩම් කොටසක් ඉල්ලා ඇයට හිරිහැර කර තිබෙනවා.

ඔහු නීතිවිරෝධී මත්පැන් ජාවාරම්කරුවෙකුද වන බව පොලීසිය ප්‍රකාශ කළා.

පුතුගේ හිරිහැර සම්බන්ධයෙන් 86 හැවිරිදි මව ඊයේ පිංදෙණිය පොලීසියට පැමිණිලි කර තිබූ අතර, ඒ අනුව අද පැමිණිල්ල විභාග කිරීම සඳහා දෙපාර්ශවය පොලීසියට කැඳවා තිබූ බව සඳහන්.

මෙම මව තම දියණියක සමඟ අද උදෑසන පිංදෙණිය පොලීසියට යන අතරතුර මහමඟ සැඟව සිටි සැකකාර පුතු තියුණු ආයුධයකින් ඇයගේ ගෙළ ප්‍රදේශයට පහරදී ඇය ඝාතනය කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.  

සිද්ධියෙන් තුවාල ලැබූ සැකකරුගේ නැගණිය ප්‍රතිකාර සඳහා කෑගල්ල රෝහළට ඇතුළත් කර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories