අසාර්ථක දේශපාලනඥයෙකු වෙන්න එපා - ඒකාබද්ධ විපක්ෂයෙන් රන්ජන්ට අවවාද

Tuesday, 31 January 2017 - 18:54

%E0%B6%85%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B6%9A+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1%E0%B6%A5%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%91%E0%B6%B4%E0%B7%8F+-+%E0%B6%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%85%E0%B7%80%E0%B7%80%E0%B7%8F%E0%B6%AF
නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම්වරියට බැන වැදීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අද (31) පැවති මාධ්‍ය හමු කිහිපයකදී  අදහස් පළ වුණා.

ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී පද්ම උදයශාන්ත ප්‍රකාශ කළේ ජනතාව ඉදිරියේ දැනටමත් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක පරාජය වී ඇති බවයි.

නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක ආරෝපණය කරගත් මානසිකත්වයකින් කටයුතු කරන බව පිවිතුරු හෙළ උරුමයේ ජාතික සංවිධායක මධුමාධව අරවින්ද අද (31) පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළා.

මෙරට දේශපාලනයේ කිිසිදු කලාකරුවෙකු මෙවැනි අයුරින් හැසිරී නැතැයි ඔහු කියා සිටියා.

එම පක්ෂයේ ප්‍රධාන ලේකම් උදය ගම්මන්පිල එහිදී සඳහන් කළේ පස් කැපීම පිළිබඳව නියෝජ්‍ය අමාත්‍යවරයා විමසිය යුත්තේ ප්‍රාදේශීය ලේකම්වරියගෙන් නොව පොලීසියෙන් බවයි.

නීතිය නොදැන ඔහු කටයුතු කර ඇති බවට මන්ත්‍රීවරයා චෝදනා කළා.

අසාර්ථක දේශපාලනඥයෙකු ලෙස රට ඉදිරියේ පෙනී නොසිටින්නැයි ඒකාබද්ධ විපක්ෂයද අද (31) නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකගෙන් ඉල්ලීමක් කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ රාජ්‍ය නිලධාරිනියකට තර්ජනය කිරීම අනුමත කළ නොහැකි බවයි.

බැඳුම්කර සිද්ධිය වැනි වංචා පිළිබඳව ජනාධිපතිවරයාගේ දැඩි අවධානය යොමුවී ඇති මොහොතක මෙවැනි සිද්ධීන් කරළියට ගෙන එන බවට බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිිමියන් ද කොළඹ අද (31) පැවති මාධ්‍ය හමුවකදී චෝදනා කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories