කුඹුරට යන බව පවසා නිවසින් පිටවූ පුද්ගලයා අභිරහස් ලෙස නොඑන ගමන් යයි (ඡායාරූප)

Wednesday, 01 February 2017 - 8:52

%E0%B6%9A%E0%B7%94%E0%B6%B9%E0%B7%94%E0%B6%BB%E0%B6%A7+%E0%B6%BA%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80+%E0%B6%B4%E0%B7%80%E0%B7%83%E0%B7%8F+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%80%E0%B7%96+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%8F+%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BB%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%B1%E0%B7%9C%E0%B6%91%E0%B6%B1+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
වව්නියාව,සින්නඅඩම්පන් ප්‍රදේශයේ වෙල්යායක තිබී පුද්ගල මළ සිරුරක් ඊයේ(31) සොයාගෙන තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ සින්නඅඩම්පන්හි පදිංචි 54 හැවිරිදි තිදරු පියෙක් බවයි වාර්තා වන්නේ.

පසුගිය 30 වනදා සවස මෙම පුද්ගලයා කුඹුරට යන බව පවසා නිවසින් පිටව ගොස් ඇති අතර ඊයේ උදෑසන වනතෙක් නැවත නිවසට නොපැමිණීම හේතුවෙන් නිවැසියන් මේ සම්බන්ධව කනගරායන්කුලම් පොලීසියට දැනුම් දී ඇති තිබෙනවා.

පසුව පොලීසිය විසින් සිදුකරන ලද සෝදිසි කිරීම් වලදී අදාල පුද්ගලයාගේ මළ සිරුර වෙල්යායක තිබී සොයාගෙන ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

අදාල මරණය මිණීමැරුමක් බවට සැක පල වී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කනගරායන්කුලම් පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.



ඡායාරූප - වන්නි රොමේෂ් මදුසංක



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories