කරුණාගේ ඇප කොන්දේසි ලිහිල් කෙරේ

Wednesday, 01 February 2017 - 11:17

%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%87%E0%B6%B4+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%9A%E0%B7%83%E0%B7%92+%E0%B6%BD%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන්ගේ ඇප කොන්දේසි ලිහිල් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර අද නියෝග කළා.

ඒ, කරුණා අම්මාන්ගේ නීතිඥයන් අධිකරණයෙන් කරුණු ලැබූ ඉල්ලීමකට අනුවයි.

ඔහුගේ නීතිඥයන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ ආරක්ෂක හේතුන් මත තම සේවාදායකයාට සෑම මසකට වරක් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය හමුවේ පෙනී සිටිය හැකි ආකාරයට ඇප කොන්දේසි ලිහිල් කරන ලෙසයි.

ඒ අනුව මීට පෙර මොහුට ඇප ලබාදීමේදී සෑම ඉරිදා දිනකම පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය හමුවේ පෙනී සිටි යුතු බවට වු ඇප කොන්දේසිය සෑම මසකම අවසන් ඉරු දින එම කොට්ඨාශය හමුවේ පෙනී සිටිය යුතු බවට ලිහිල් කරනු ලැබුවා.

පසුගිය රජය සමයේ ආරක්ෂාව සඳහා ලබාදී තිබූ රුපියල් කෝටි 09ක වටිනාකමකින් යුත් වෙඩි නොවදින වාහනයක් අවභාවිතය කිරීමේ සිද්ධියකට නොවැම්බර් මස 29 වැනිදා මොහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප මත මුදා හැරුණා.

අද මෙම නඩුව කැදවූ අවස්ථාවේදී පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය අධිකරණයට දැනුම් දුන්නේ මෙම චෝදනාවට අදාලව පරීක්ෂණ අවසන් කර ඉදිරි විමර්ශන සඳහා නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇති බවයි.

කරුණා අම්මාන්ට ඇප ලබාදෙන අවස්ථාවේදී ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ලබාදුන් නියෝගයකට අනුව මොහුට ඇමති ආරක්ෂක අංශයේ ආරක්ෂාව ලබාදී ඇති බව ද පොලීසිය අධිකරණය හමුවේ කියා සිටියා.

මෙම නඩුව මැයි මස 24 වන දා යළි කැදවීමට නියමිතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories