"සමාජ වැඩ" ට ජපුරෙන් උපාධියක්

Wednesday, 01 February 2017 - 16:01

%22%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%22+%E0%B6%A7+%E0%B6%A2%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%8B%E0%B6%B4%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
සමාජ සංවර්ධන ආයතනය විසින් පවත්වාගෙන යන සියලු උපාධි සහ ඩිප්ලෝමා පාඨමාලා ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය යටතේ පිරිනැමීම වෙනුවෙන් වන අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා.

මේ අනුව දැනට සමාජ සංවර්ධන ආයතනය පිරිනමන "සමාජ වැඩ" උපාධිය සහ එහි පශ්චාත් උපාධි පාඨමාලාව මෙන්ම සෙසු ඩිප්ලෝමා පාඨමාලා සියල්ල ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය යටතේ ලැබෙනු ඇති.

අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීමේ අවස්ථාවට ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග ඇතුලු මහාචාර්යවරුන් පිරිසක් සහ අමාත්‍ය එස් බී දිසානායක මහතා ද එක්වුනා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories