ජනතා විමුක්ති පෙරමුණ සහ වරාය රැකගැනීමේ වෘත්තිය සමිති පෙරමුණ දියත් කළ විරෝධතා පාගමනක් විසුරුවා හැරීමට ජනාධිපති ලේකම් කාර්යාලය ආසන්නයේදී පොලිසිය අද ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළා.
කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දීය සමාගමකට පැවරීමට රජය ගෙන ඇතැයි කියන තීරණයට විරෝධය පළ කරමින් ඔවුන් මෙම විරෝධතා පාගමන සංවිධාන කර තිබුණා.
එය අද දහවල් වරාය පිවිසුම අසල පිහිටි ඛාන් ඔරලෝසු කණුව ඉදිරිපිටින් ආරම්භ වූ අතර, ඔවුන් ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත ඔස්සේ යෝක් විථිය හරහා සටන් පාඨ කියමින් පැමිණියේ ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා ගමන් කිරීමටයි.
එහෙත්, ලෝටස් වටරවුම අසලින් පොලිසිය මාර්ග බාධක යොදා විරෝධතා පෙළපාලිය අවහිර කිරීමත් සමඟ විරෝධතාකරුවන් සහ පොලිසිය අතර උණුසුම් තත්ත්වයක් හට ගත්තා.
ජනාධිපති ලේකම් කාර්යාලයට යෑම වළක්වාලමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් නියෝගයක්ද එහිදී පොලිස් නිලධාරියෙකු විරෝධතාකරුවන්ට ඇසෙන පරිදි ශබ්ද විකාශන යන්ත්‍රයක් යොදා ගනිමින් ප්‍රචාරය කළා.
කෙසේ වෙතත්, එහිදී දෙපාර්ශවය අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවූ අතර, විරෝධතාකරුවන් පොලිස් මාර්ග බාධක නොතකමින් ඉදිරියට යෑමට උත්සාහ කිරීමත් සමඟයි පොලිසිය ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේ.
විරෝධතාවට එක්ව සිටි සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතියේ සභාපති මෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති කියා සිටියේ ඉදිරියේදී පත්වන ජනතාවාදී ආණ්ඩුවක් යටතේ අලෙවි කරන සියලූම ආයතන යළි නැවත ලබා ගන්නා බවයි.
මේ අතර හිරු ප්රවෘත්ති අංශය කළ විමසීමකදී සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතියේ ප්‍රධාන ලේකම් චන්ද්‍රසිරි මහගමගේ කියා සිටියේ විරෝධතාවක් නොපවත්වන ලෙස පොලීසිය විසින් අධිකරණ නියෝගයක් ලබාගෙන තිබුණේ ජාතික වෘත්තිය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩි. ලාල්කාන්තගේ නමින් බවයි.
ඒ හේතුවෙන් තම සංගමයේ නියෝජිතයින් අදාළ අධිකරණ නියෝගය භාරගැනීම ප්‍රතික්ෂේප කළ බවද ඔහු තවදුරටත් සඳහන් කළා.

Follow US
Most Viewed Stories