වෛද්‍ය සභාවේ ස්වාධීනත්වයට බලපෑමක් - වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

Wednesday, 01 February 2017 - 19:24

%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B6%B0%E0%B7%93%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B7%91%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+-+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B6%BA
මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුව මගින් වෛද්‍ය සභාවේ ස්වාධීනත්වයට බලපෑමක් එල්ල වී ඇති බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

කොළඹ අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් එම සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා මේ බව සදහන් කළා.

මේ අතර අද පෙවරුවේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය විරෝධතාව සංවිධානය කර තිබුණා.

විශ්වවිද්‍යාලය සිට පෙළපාලියකින් ගලහ මංසන්ධිය දක්වා පැමිණි උද්ඝෝෂකයින් එහිදී  විරෝධතාවයේ නිරත වුණා.  

එමෙන්ම සයිටම් පෞද්ගලික විශ්වවිද්‍යාලය පිළිබදව අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාගෙන් අද පැවැති රැස්වීමකින් අනතුරුව මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියා.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories