වත්මන් රජයේ වංචා දූෂණ සම්බන්ධයෙන්ද තීන්දු තීරණ ගන්නා බව ජනපති කියයි

Thursday, 02 February 2017 - 7:46

%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B6%82%E0%B6%A0%E0%B7%8F+%E0%B6%AF%E0%B7%96%E0%B7%82%E0%B6%AB+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B6%E0%B7%80+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
පැවති රජය මෙන්ම වත්මන් රජයේද දූෂණ වංචා පිළිබඳ ජනතා මතයට අනුව ඉදිරියේදී තීන්දු තීරණවලට එළඹීමට තමාට සිදුවන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසනවා.

මඩකලපුව - එරාවුර් - අලිහාර් ක්‍රීඩාංගණයේ ඊයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මෙලෙස අදහස් පළ කළා.

..ආණ්ඩුව ගැන නොයෙකුත් විවේචන තියෙනවා. සමහරු කියනවා මේ අණ්ඩුව පෙරළනවා කියලා. ඒ ඒ ගොල්ලෝ නිදාගෙන ඉන්නකොට හීනෙන් පේන ඒවා. මේ ගොල්ලන්ට ආණ්ඩු පෙරළන්න බෑග ආණ්ඩුවක් වෙනස් කරන්න පුළුවන් රටේ ජනතාවට විතරයි. ඒල අවුරුදු 5 කට සැරයක් එන මැතිවරණයකදී. ආණ්ඩුව පෙරලුණ බලය ඉදපු අයල වැරදි වැඩ කරපු අය අපහු බලයට එන්නමයි කැමති. ඒ ගොල්ලන්ට හීනෙන් පෙන්නෙත් ඒ ගොල්ලෝ රජකම් කරපු හැටි. ඒ ගොල්ලන්ට නැතිවෙලා ගිය වරප්‍රසාද මතක් වෙනවා. රාජ්‍ය දේපළල රාජ්‍ය වත්කම්ල භාණ්ඩාගාරය ඒ ගොල්ලෝ පුද්ගලිකව පාවිච්චි කරපු හැටි මතක් වෙනවා. ආණ්ඩුවේ ගුවන්යානා අරගෙන ලොකේ වටේ ගිහිල්ලා දවස් ගාණක් ගුවන් යානා තියාගෙන ඒයාර් ලංකා සමාගම කෝටි දහස් ගාණක් පාඩු කරපු හැටි ඒ ගොල්ලෝ දන්නේ නැහැ.  ඒ කාලේ හෙළිකොප්ටර් පාවිච්චි කෙරුවේ හරියට ගෙදර තියෙන මෝටර් සයිකල් වගේග තව ආණ්ඩු ඕනෙයි කියලා කියනවානම් මට කියන්න දේවල් ගොඩක් තියෙනවා. මං ඒවා ඔක්කොම කියන්නේ නෑ. ටිකයි කියන්නේ. මම බලාපොරොත්තු වෙනවා හෙට අනිද්දා ටික ටික කියන්න. ඔක්කොම එක පාර කියන්නේ නැහැ. තමුන්නාන්සේලාට පැහැදිලිව කියන්න ඕන අපි ශක්තිමත් ආණ්ඩුවක් විදිහට ඉස්සරහට යනවා. මේ රට හොඳ සංවර්ධනය වුණ රටක් විදිහට පත් කරනවා. ජනතාව දුප්පත්කමින් නිදහස් කරගන්න කරන්න පුළුවන් හැම දෙයක්ම අපි ආණ්ඩුවක් විදිහට කරනවා. ඒ වගේම වංචාල දූෂණ හොරකම්වලට ඉඩ තියන්න පුළුවන්කමක් නැහැ. කලින් ආණ්ඩු කරපු අය හොරු කියලා වංචා දූෂිතයෝ කියලා ඒ ගොල්ලන්ට පරීක්ෂණ පවත්වනවා කියලා තමුන්නාස්සේලා දන්නවා. ඒ වගේම තමයි ඉන්න අයත් දැනගන්න ඕන ඒ ගොල්ලෝ කෙරුවොත් ඒ ගොල්ලන්ටත් චෝදනා පත්‍රයිල පරීක්ෂණ එනවා කියලාග ඒ නිසා හිටපු අයයි ඉන්න අයයි කියලා දෙකක් නැහැග වැරදි කරනවානම් කවුරුත් වැරදියි. මේ ආණ්ඩුවෙත් වැරදි වැඩ කරනවානම් දැනුත් ජනතාව දන්නවා ඒ අය කවුද කියලා. ජනතාවගෙන් එන මතය අනුව මට යම් යම් තීන්දු තීරණ ගන්න වෙනවා ඉස්සරහටග ඒ නිසා අපි හොඳ රටක් ගොඩනගමු. ..


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories