සෙංකඩගල මැණිකේ මැදිරි මගදමා යාම පිළිබඳ පරීක්ෂණයක්

Thursday, 02 February 2017 - 8:03

%E0%B7%83%E0%B7%99%E0%B6%82%E0%B6%9A%E0%B6%A9%E0%B6%9C%E0%B6%BD+%E0%B6%B8%E0%B7%90%E0%B6%AB%E0%B7%92%E0%B6%9A%E0%B7%9A+%E0%B6%B8%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B8%E0%B6%9C%E0%B6%AF%E0%B6%B8%E0%B7%8F+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%B3+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
මහනුවර සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ සෙංකඩගල මැණිකේ දුම්රියේ එන්ජිම පිළිමතලාව ප්‍රදේශයේදී ගැළවී මැදිරි නොමැතිව ගමන් කිරීම සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව විශේෂ පරීක්ෂනයක් අාරම්භ කර තිබෙනවා.

එම දුම්රියේ එන්ජිම පිළිමතලාව දුම්රිය ස්ථානය ආසන්නයේදී ඊයේ මැදිරිවලින් ගැළවී ගොස් ඇති අතර එය ධාවනය කළ රියදුරන් ඒ බව නොදැන කඩුගන්නාව දුම්රිය ස්ථානය දක්වා ධාවනය කර ඇති බව සඳහන් අලූත්වැඩියාවක් සඳහා රැගෙන යමින් තිබූ එන්ජිම සහ මැදිරි පිළිමතලාව දුම්රිය ස්ථානය ආසන්නයේ පැය භාගයක කාලයක් පමණ මෙලෙස නැවතී තිබෙනවා.

කෙසේ වෙතත් පසුවල යළි රැගෙන ආ දුම්රිය එන්ජිම ඊට සම්බන්ධ කරගනිමින් ධාවනය කර ඇති බවටයි දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

ඒ අනුව පැය දෙකක පමණ ප්‍රමාදයකින් පසුව අදාළ දුම්රිය කොළඹ බලා පැමිණ තිබෙනවා.

 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories