බිරිඳට පහරදුන් සැමියා ගෙළ වැළලාගනී

Thursday, 02 February 2017 - 10:21

%E0%B6%B6%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B3%E0%B6%A7+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9C%E0%B7%99%E0%B7%85+%E0%B7%80%E0%B7%90%E0%B7%85%E0%B6%BD%E0%B7%8F%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
බුත්තල දික්යාය ප්‍රදේශයේදී බිරිඳට පහරදුන් පුද්ගලයෙකු ගෙළ වැළලාගෙන සියදිවි හානිකරගෙන තිබෙනවා.

ඊයේ පෙරවරුවේ මෙම පුද්ගලයා සිය බිරිඳට පහරදී ඇති අතර, ඇය තුවාල ලබා බුත්තල රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කලේ.

පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා සිරිගල රෝහලට ඇය මාරුකර යවා තිබෙනවා.

පහරකෑමට ලක්වූ බිරිඳගෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීමෙන් පසුව මෙම පහරදිමට සම්බන්ධ සැමියා අත්අඩංගුවට ගැනීමට පොලීසිය නිවස වෙත පිටත්ව ගොස් තිබෙනවා.

පොලිස් නිලධාරීන් නිවසට යනවිට ඔහු කෑම කාමරය තුළ ගෙළ වැළලාගෙන සියදිවි හානිකරගෙන සිට ඇති බවයි බුත්තල පොලීසිය සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories