බලපිටිය ප්‍රා.ලේ. මරණ තර්ජන - පුද්ගලයෙකු අත්අඩංගුවට

Thursday, 02 February 2017 - 12:44

%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F.%E0%B6%BD%E0%B7%9A.+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1+-+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
කොස්ගොඩ මුහුදු තීරයේ නීතිවිරෝධී ලෙස මාදැල් යොදාගෙන ධීවර කටයුතුවල නිරත වන බවට ලැබුණු පැමිණිල්ලකට අනුව ඒ පිළිබඳව පරීක්ෂා කිරීම සඳහා එහි ගිය බලපිටිය ප්‍රාදේශීය ලේකම්වරියට මරණ තර්ජන එල්ල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොස්ගොඩ පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

මෙම ප්‍රාදේශීය ලේකම්වරිය, වෙරළ සංරක්ෂන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ අනවසර මාදැල් පරීක්ෂා කිරීම සඳහා කොස්ගොඩ මුහුදු තීරයට ගොස් ඇත්තේ ඊයේ පස්වරුවේයි.

එහිදී වෙරළේ රැඳී සිටි පුද්ගලයෙකු ප්‍රාදේශීය ලේකම්වරිය අසළට පැමිණ පිහියක් ගෙළට තබා මරණ තර්ජන එල්ල කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

පසුව ඒ පිළිබඳව බලපිටිය ප්‍රාදේශීය ලේකම්වරිය කොස්ගොඩ පොලීසියට පැමිණිල්ලක්ද කර තිබෙනවා.

ඒ අනුව ඇයට මරණ තර්ජන කළ සැකකරු පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද  බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories